හිඟයක් තිබෙන නමුත් පෙන්වා දෙන තරම් නැහැ – ඇමති

111

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලු කණ්ඩායම් රටෙහි ඖෂධ තත්ත්වය කළමනාකරණය කර ගනිමින් සිටින බවත්, එළඹෙන මාසය වන විට මෙහි ඇතැම් ගැටලු සහ එහි පවතින තත්ත්වයන් විසඳා ගැනීමට හැකිවනු ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

 ඖෂධ හා වෛi උපකරණයන්හි යම් හිඟයක් පැවතිය ද එය ඇතැම් අවස්ථාවන්හි පෙන්වා දෙන තරම් තත්ත්වයක නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී කීය. ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස්  (Shahzad Chaudhary)  මහතා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

 පකිස්තානයේ ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් වන CCL‍ සමාගම, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය හරහා පාකිස්තානු, ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අත්‍යවශ්‍ය රුපියල් ලක්‍ෂ 100 ක් පමණ වටිනා වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඊයේ (19 දා) ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

 ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ලබාගැනීමේදී මිත්‍රශීලී රටවල්  රැසකින් ඉහළ සහයෝගයක් මෙරටට ලැබෙන බවත්, ඒ තුළ ඖෂධ කළමනාකරණය අද වනවිට සාර්ථකව සිදු කරගෙන යමින් පවතින බවත් අමාත්‍යවරයා කීය.

 රටට ඖෂධ ගෙන්වීමේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ ගතවන කාලය මේ වනවිට විශාල ලෙස අඩුකර ඇතැයි ද මෙවැනි ඖෂධ ආධාර ලැබීම තුළ තවදුරටත් ඖෂධ කළමණාකරණය වඩාත් සාර්ථකව සිදුකළ හැකි යැයි ද හෙතෙම පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment