හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවට අත තියන්න එපා: රජයට ගෙන විනාශ කිරීමට යෑම දැඩි පිළිකුලින් හෙළා දකිනවා

287

පැණි රස සීනි දිගාමඩුල්ලේ අපිට තිත්ත කරන්න එපා – ගම්පහ නාරද හිමි

හිගුරානේ සීනි නැති කරලා සාරය උරා බොන්න දෙන්න එපා

හිඟුරාන සීනි සමාගම වසර 13 වසා දාලා ජනතාව අන්ත අසරණ වෙලා තියෙද්දී ගල්ඔය වැවිලි සමාගම විසින් නැවතත් දිරාගිය හිඟුරාන සීනි යෝධයා නැගිට්ටවලා ජන ජීවිතය ගොඩනගද්දී, එය නැවතත් විනාශ කරලා එහි සාරය උරා බොන්න හදන අයට අපේ දැඩි අප‍්‍රසාදය පළ කර සිටිනවා යැයි උතුරු, නැගෙනහිර අධිකරණ සංඝනායක, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරි`දිවෙල සෝමරතන නාහිමියන් 09 වනදින සවස හිඟුරාන උත්තර ජයමහ විහාරස්ථානයේ පසුගිය(09*දින සවස පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් පවසා සිටියහ.

ග‍්‍රාමීය ආර්ථික, කෘෂි කර්මාන්ත අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පසුගිය දිනවල මාධ්‍ය

මගින් ගල්ඔය වැවිලි සමාගමට විවිධ චෝදනා එල්ල කරන්මින් රජයට පවරා ගැනීමට සූදානම් වන බව පැවසීම නිසා එයට එරෙහි වූ දිගාමඩුල්ලේ 150කට අධික මහා ස`ගරුවන එම මාධ්‍ය සාකච්ඡුාවට එක්වෙමින් අමාත්‍යවරයාට එරෙහිව දැඩි දෝෂාරෝපනයක් එල්ල කරන්නට වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝමරතන නාහිමියෝ මෙලෙස අදහස් දක්වන්නට වූහ.

හිඟුරාන සීනි සමාගම වසා දාපු නිසා ඒ කාලේ හිඟුරාන ජනතාව දැඩිසේ අසරණ වෙලා හිටියේ. කන්න බොන්න නැතිව මිනිස්සු අන්ත අසරණ වුණා. සමහරු රැුකියාවන් සොයා ප‍්‍රදේශය අත් හැරලා ගියා. පාන් ගෙඩියක්වත් විකුණගන්න බැරිව හවස් වෙද්දි හිඟුරාන නගරය පාළු සොහොන් පිටියක් බවට පත්වුණා. එහෙම තිබ්බ හිඟුරාන නැවතත් ගල්ඔය වැවිලි සමාගම නමින් රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය ඒකාබද්ධව ආරම්භ කර බිලියන 13ක් වියදම් කරමින් විශිෂ්ට ආකාරයට ආයතන ගොඩ නැගුවා. පසුගිය වසරේ මාස 06ක කාලය තුළ බිලියන 01ක ලාභයක් ලැබුවා. ආයතනයේ සේවකයන්ට බෝනස් පිට බෝනස් දුන්නා. මේ වන විට මෙම සීනි ආයතනය වාර්තා පිට වාර්තා තබමින් තිබෙනවා. ඒ වගේම පාසල්වලට, ප‍්‍රජාවට වෙහෙර විහාරය ඇතුළු ආගමික ස්ථානවලට ජනතාවට මහ මෙහෙයක් සිදු කරමින් ගරා වැටුණු සීනි ආයතනය ගොඩනගලා නිලධාරීන් ඉතා හොඳින් කටයුතු කරනවා. ඊට අමතරව කාබනික පොහොර, විදුලිය, ඇතුළු විවිධ නිෂ්දපානය වැඩිපුරම කරන එකම සීනි ආයතනය ගල්ඔය වැවිලි සමාගමයි. අද වන විට සේවකයන් 1250ක පිරිසක් ගොවීන් 8000ක් සහ වක‍්‍ර රැුකියා විසි දහසක් ඇති කර තිබෙන ගල්ඔය වැවිලි සමාගමට අත තියන්න එපා කියලා අපේ ඇමැතිවරයාට පවසා සිටිනවා. ඒවගේම වසර 13ක අඳුරු අඳුරු අතීතයට ආයේ හිඟුරාන සීනි සමාගම අරගෙන යන්න එපා. වසර තිහක් යුද්දෙන් බැට කාපු නැගෙනහිර පළාතේ දරුවන්ගේ අනාගතය මෙම සීනි ආයතනය යැයි සෝමරත්න නාහිමියෝ එම අවස්ථාවේදී අදහස් දක්වමින් පවසා සිටින්නට වූහ.

එම අවස්ථාවේ අදහස් දක්වමින් කීනවත්ත බෝධිමලූවිහාරස්ථානයේ විහාරාධිපති දමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ඇතිමලේ ආනන්ද හිමියන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

දිගාමඩුල්ලේ ජීවනාලිය වූ හිඟුරාන සීනි සමාගම වෘත්තිය සමිතිවල සහ ඇතැම් පිරිසගේ අමනෝඥ ක‍්‍රියා කලාපය නිසා වසා දැමුණා. වසර ගණනාවක් වසා දැමූ හිඟුරාණ සීනි කම්මල දිරාගියා.උක් වගාව කඩාගෙන වැටුණා. පැල්වත්ත

සීනි සමාගමෙන් නැවතත් එය ආරම්භ කරන්න හැදුවත් එයත් අසාර්ථක වුණා. බොහොම අමාරුවෙන් ගල්ඔය වැවිලි සමාගම විසින් රජයත් එක්ක ඒකාබද්ධ වෙලා හිඟුරාන සීනි සමාගම ආරම්භ කළා. අද ඉතා සාර්ථකව එය කරගෙන යද්දි ජානක වක්කුඹුර ඇමැතිවරයා එය විනාශ කරන්න කටයුතු කිරීම කණගාටුවට කරුණක්. රජය නියෝජනය කරමින් අම්පාර මහ දිසාපතිවරයා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියා. නමුත් අද අම්පාර මහ දිසාපතිව අධ්‍යක්ෂ මණ්ඩලයට නොදා වෙනත් අයෙකු දාන්න කටයුතු කරනු ලබනවා. ආයතනය ගොඩනගන්න රාජ්‍ය බැංකු ණය දෙන්න කැමති වුණේ නැහැ. එල්. ඕ.එල්.සී. ආයතනය ණය දීලා තමයි මේ ආයතනය ගොඩගන්න කටයුතු කළේ. එහෙම ගොඩගන්න කටයුතු කළ ආයතනය වසර තිහකට ගිවිසුම් ගහලා ගත්ත ආයතනය අද ජානක වක්කුඹුර ඇමැතිවරයා නැවත රජයට ගෙන විනාශ කිරීමට යෑම පිළිබඳව දිගාමඩුල්ල මහා සංඝරත්නය විදියට අපි දැඩි පිළිකුලින් හෙළා දකිනවා.

අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සක් නද සංවිධානය සභාපති ගම්පහ නාරද හිමිපාණන් මෙලෙස අදහස් දැක්වූහ.

සෞභාග්‍යය දැක්ම යථාර්ථයක් කරන්න නොදී එය අමු අමුවේ විනාශ කරන්න හදනවාද කියලයි අපිට ජානක වක්කුඹුර ඇමැතිවරයාගෙන් අහන්න තියෙන්නෙ.

මේ ආයතනය විනාශ කරන්න ජානක වක්කුඹුරට ඉඩදෙන්නේ නෑ. දිගාමඩුල්ලේ ජීවනාලිය වන සීනි ආයතනය විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. හැමෝටම සීනි පැණි රසයි.දිගාමඩුල්ලේ අපිට සීනි තිත්ත කරන්න හදන්න එපා කියලා අපි පවසා සිටිනවා.

මොරගහපල්ලම සුවිසුද්ධාරාමාධිපති ශාස්ත‍්‍රපති උහන ධම්මික හිමිපාණන් මෙලෙස අදහස් දැක්වූහ.

සෙවනගල, පැල්වත්ත සීනි ආයතනවලට රජයෙන් අනුග‍්‍රහය ලබා දෙනවා. ගල්ඔය වැවිලි සමාගමට රුපියලක් රජයෙන් ලබා දෙන්නේ නෑ. හිඟුරාන සීනි සමාගම වැහිල තියෙන කාලෙ මිනිස්සු අන්ත අසරණ බවට පත් වුණා. ඒ ආයතන නැවතත් විනාශ කරලා දාන්න ජානක වක්කුඹුර ඇමැතිවරයා කටයුතු කරනවා. කන්තලේ සීනි සමාගම වහලා තියෙන්නේ. පුලූවන් නම් ඒක පටන් අරන් ක‍්‍රියාත්මක කරන්න. අපි අහනවා ඇමතිවරයා රෙදි ඇඳගෙනද මේ කතා කරන්නේ කියලා.

මෙම මාධ්‍ය සාකච්ඡුාවේදී ගල්මඩුව පුරාණ රාජමහා විහාරාධිපති හෑගොඩ විමලඥාන හිමි, මණ්ඩල මහා විහාරාධිපති සුහදගම සීලරතන හිමි, හිඟුරාන උත්තර ජය මහා විහාරස්ථානයේ විහාරාධිපති හිඟුරාන සිරිධම්ම හිමි, කීනවත්ත සම්බෝධි විහාරාධිපති ගබ්බේල පේමවංශ හිමි, පොකුණුගල රජමහා විහාරාධිපති පන්නල්ගම පේමරත්න හිමි ඇතුළු මහා සඟරුවන අදහස් දක්වන්නට වූහ.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment