හිඟ මිලියන 600 ගෙවන තුරු ගුරුවරු ඉදිරි විභාග වැඩ නෑ – ස්ටාලිං කියයි

205

පසුගිය විභාග පරීක්‍ෂණවලට සහභාගි වූ ගුරුවරුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගෙවීමට ඇති රුපියල් මිලියන 600 කට අධික මුදල ගෙවන තෙක් ගුරුවරුන් ඉදිරි විභාගවලට අයැදුම් කිරීමෙන් වැළකී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේදී පැවැත්වෙන උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් සඳහා කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කිරීමට ගුරුවරුන්ගෙන් දෙවරක් අයැදුම්පත් කැඳවීම් කළත් ගුරුවරුන්ගෙන් බහුතරයක් විභාග අධීක්‍ෂණ සඳහා අයැදුම් කර නැතැයි ද ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන ඇමැතිවරයා ගුරුවරුන්ගේ ඇඳුම ගැන මාධ්‍යට සිදුකරන ප්‍රකාශවලට වඩා ගුරුවරුන්ට දිය යුතු මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගනු ලබනවා නම් වඩාත් යෝග්‍ය බව ද ස්ටාලින් මහතා කීය.

අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ගුරුවරුන්ට ගෙවිය යුතු මුදල් ගෙවීමට කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ගුරුවරුන්ගේ හිඟ මුදල් ලබා නොදෙන්නේ නම් ගුරුවරුන් විභාග රාජකාරිවලට සහභාගි නොවී සිටීමට ඉඩ ඇතැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment