හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනු – ඉස්ලාමාබාද් අධිකරණය ඇප දීමද තහනම් කරයි

356

හිටපු පකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගන්නැයි ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කර ඇත.

ඔහුට ඇප නියම නොකළ යුතු බවද අධිකරණ නියෝගයෙන් දැක්වේ.

ඉම්රාන් ඛාන්ට එරෙහිව නඩු තුනක් විභාගවූ අතර ඉන් දෙකකට ඇප හිමිවිය.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත්වීමත් සමගම ඔහුගේ ආධාරකරුවෝ විශාල පිරිසක් ඉස්ලාමාබාද් අධිකරණය ඉදිරියේ විරෝධය දක්වා ඇත. ඔහුට එරෙහිව එක් චෝදනාවක් වූයේ ත්‍රස්ත අරමුදල් ලබාගැනීම යයි ජියෝ රූපවාහිනිය හෙළි කළේය.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment