හිටපු අගමැති බණ්ඩාරනායක නැවත ඉපදුනේ මියන්මාරයේ

845
  • බලංගොඩ මහ නාහිමියන් දිවංගත අගමැති බණ්ඩාරනායක මහතා පිළිබඳව කරන ලද නාඩි විමසුම

බලංගොඩ නාහිමියන් දිවංගත අගමැති බණ්ඩාරනායක මහතා පිළිබඳව ද නාඩි විමසුමක් කර තිබේ. එහිදී උන්වහන්සේට බණ්ඩාරනායක මහතාගේ ආසන්නතම උප්පත්තීන් පිළිබඳව දැන ගැනීමට ලැබී ඇත.

ඒ අනුව බණ්ඩාරනායක මහතා ඒ වනවිට බුරුම දේශයේ උප්පත්තිය ලබා තිබේ. බෞද්ධ ආශ‍්‍රමය වාසය කරන විශාල සැදැහැවතුන් පිරිසකට කිරි ලබාදෙමින් විශාල මෙහෙයක් සිදු කරනු ලබයි. ඊළඟ භවයේදීත්, මිනිසකු වශයෙන් උපත ලබන අතර බෞද්ධයකු ලෙස බුදු දහම ව්‍යාප්තිය සඳහා ඇප කැපව කටයුතු කරයි. එම ආත්මයෙන් පසු ඔහු භව ගමන අවසන් කරන්නේය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන්ගේ ශිෂ්‍ය සෝමානන්ද හිමියන් කතරගම දෙවියන් පිළිබඳ ඇසූ පැණයකිමේ.

පියාගේ නම කිරි අප්පුහාමි
මවගේ නම මැරයින් හාමි
මොහුගේ නම සෝමානන්ද

බුදුන් විසින් සිංහල දේශයට ප‍්‍රථමයෙන් යවන ලද දෙවියන් කවරේද ?

එසේ යවන ලද ඒ රට කොහේ තිබේද? යනාදී තොරතුරු දැනගනු පිණිසය.

හිටපු අගමැති බණ්ඩාරනායක නැවත ඉපදුනේ මියන්මාරයේ

රටේ තොරතුරු සොයනු පිණිස යවනු ලැබු දෙවියන් නම් සූර්යාගේ මෙන් බැබලීමක් ඇති සුබ‍්‍රමනියම් (කතරගම දෙවියන්) දෙවියා ය. ඒ රටට මේ දෙවියා යවා එරට වැසියන්ගේ අසාමාන්‍යකම ගැනත් හැසිරීමත් ගැනත් ඒ පිළිබඳව කරුණු සොයා ගෙනෙන ලෙසත් කියයි.

බුදුන්ගේ දේශනාවන්ට විරුද්ධ වීම ගැනත් එරට පවත්නා සත්ව හිංසාව ගැනත් සුබ‍්‍රමනියම් දෙවියා කී කල්හි ඒ ඇසූ බුදු රජ තෙමේ එරට වැඩුනේ වරද රහිතව සත්‍ය ඥානයෙන් යුක්තව කල් යවන සේ සැලසීමට අදහස් කොට බුදුන් වහන්සේ සිංහල දේශයට වැඩමවා ස්වකීය උගත් ධර්මය ප‍්‍රචාරය කිරීමට පටන් ගත් සේක.

එයින් පසු බුදු රජුන් සඳහා බුද්ධාලයක් ද සාදවන ලදහ. මහජනයා විසින් සාදන ලද කතරගම සිද්ධස්ථානයේ ද බොහෝ කලක සිට පැවත එන්නාහ.

බලන්ගොඩ මහ නාහිමියන් තම අසනීපයක් සඳහා නාඩි වාක්‍ය තුළින් කරුණු විමසූ අවස්ථාවක්

මෙම ශාස්ත‍්‍රයෙන් ඔබ අසන්නේ ඔබගේ ශරීරය තුළ පවත්නා රෝග තත්ත්වයන් පිළිබඳවයි.

පෙර භවයේදී කරන ලද පාප කර්මයන් හේතුවෙන් ඔබේ නාසයේත් බඩ ආශ‍්‍රිතව ද වේදනාදියෙන් පසුවෙයි.

මෙම ලෙඩ රෝගවලින් ඔබට බොහෝ කලක් දුක් විඳින්නට සිදුවෙයි. මෙම වේදනාකාරී තත්ත්වය දැඩි ලෙස නුදුරේදීම ඔබට ඇතිවෙයි. මෙම තත්ත්වය ඔබගේ ජීවිත හානිය දක්වාම සිදුවිය හැකිය.

එම නිසා ඔබ වහාම පෙර භවයේ කර්මවලට සුදුසු ක‍්‍රියා පිළිවෙත් අනුගමනය කළ යුතුයි. ඒ හා සමගම ඖෂධ කාණ්ඩයේ දක්වා ඇති ප‍්‍රතිකර්ම කාණ්ඩයේ දක්වා ඇති ප‍්‍රතිකර්ම කළ යුතුයි.

හිටපු අගමැති බණ්ඩාරනායක නැවත ඉපදුනේ මියන්මාරයේ

මෙම ප‍්‍රතිකර්ම කරන අතරේ දීර්ඝ කාණ්ඩයේ දක්වා ඇති ජපම් සජ්ක්‍දායනා කළ යුතුයි. වැඳුම් පිදුම් ආදිය ද කළ යුතුයි.

මේ අන්දමට කිරීමෙන් ඔබගේ රෝග තත්ත්වයන් සම්පූර්ණයෙන්ම අහෝසි වී යනු ඇත. ඔබට බොහෝ දීර්ඝායුෂ ලැබෙනු ඇත. මෙපමණක් නොව ඔබගේ අනෙක් කටයුතු ද ඉතා සාර්ථකව සිදුවෙනු ඇත.

මෙම තැනැත්තා ගයාවේ බෞද්ධ ආශ‍්‍රමයක රුක්ෂයක් (ගසක්) වශයෙන් උපත ලබා ඇත.

මෙම ශාස්ත‍්‍රය තුළින් ඔබ කරුණු විමසන අවස්ථාවේ මෙම තැනැත්තා

ගයාවේ බෞද්ධ ආශ‍්‍රමයක රුක්ෂයක් (ගසක්) වශයෙන් උපත ලබා ඇත.

දිනෙන් දින වැඩෙන මෙම වෘක්ෂය එම ආශ‍්‍රමයේ වැඩ වෙසෙන ශ්‍රේෂ්ඨ උත්තම ජනතාවට ඉමහත් පහසුවක් ලබාදෙයි.

සිතු පැතූ සම්පත් ලබාදෙන කල්ප වෘක්ෂයක් ලෙස මෙම වෘක්ෂයක් බඳුය.

ඊළඟ භවයේදී මෙම වෘක්ෂය මිනිසෙකු වශයෙන් උපත ලබා තමන් විසින්ම බුදුන් වහන්සේ වෙනුවෙන් ඇපකැප වී මහජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරනු ඇත.

මෙම තැනැත්තාට නැවත උප්පත්තියක් නැත. ඔහු මෝක්ෂයට පත්වෙයි.

හිටපු අගමැති බණ්ඩාරනායක නැවත ඉපදුනේ මියන්මාරයේ
හිටපු අගමැති බණ්ඩාරනායක නැවත ඉපදුනේ මියන්මාරයේ

බදුල්ලේ
මෛත‍්‍රී රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment