හිටපු ආරක්ෂක ලේකම් ජෙනරාල් සිරිල් රණතුංග අභාවප‍්‍රාප්ත වෙයි

435

හිටපු හමුදාපතිවරයකු සහ ආරක්ෂක ලේකම්වරයකු වූ ජෙනරාල් සිරිල් රණතුංග මහතා අභාවප‍්‍රාප්ත විය.

මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවිය. ඒකාබද්ධ මෙහෙයුම් විධානයේ ප‍්‍රධානියා ලෙස ද කටයුතු කළ ජෙනරාල් රණතුංගගේ සමයේදී බි‍්‍රතාන්‍ය රජය සැල්ඩින් යුද රථ සඳහා අමතර කොටස් ශී‍්‍ර ලංකාවට දීම ප‍්‍රතික්ෂේප කළේය. ඊට ප‍්‍රතිචාර ලෙස චීනයෙන් සහ පාකිස්ථානයෙන් යුධ රථ ගෙන්වීමට එවකට රජය කි‍්‍රයා කළේය.

එසේම ජෙනරාල් රණතුංගගේ සමයේදී පැරණි තුවක්කු වෙනුවට ටී 56 චීන ප‍්‍රහාරක අවි ආනයනය කර ඇත. වඩමාරච්චි මෙහෙයුම දියත් වූයේ ද ඔහුගේ සමයේදීය. මෙම වඩමාරච්චි මෙහෙයුම ඉන්දියාව විසින් නතර කළ අතර එම මෙහෙයුම දිගටම කි‍්‍රයාත්මක කළේ නම් ප‍්‍රභාකරන් අල්ලා ගැනීමට හැකිව තිබූ බව හෙතෙම ප‍්‍රකාශ කර තිබිණි.

1990 ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද හෙබවූ ඒ මහතා ඔස්ටේ‍්‍රලියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් ධුරය ද දරා ඇත.

පසුව බි‍්‍රතාන්‍යයේ ද මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ජෙනරාල් සිරිල් රණතුංග මහතා මාවනැල්ලේ පිහිටි සිය පාරම්පරික නිවසේ පදිංචිව සිට ඇත.

ජනරාල් රණතුංග මහතා ලෙබනනයේ හමුදා නිරීක්ෂකයකු ලෙස ද සේවය කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment