හිටපු ඇමැති දියණියයි  වත්මන් ඇමැතියි ගැන  සමාජ මාධ්‍ය පුවත් බොරු

335

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

හිටපු ඇමැතිවරයකුගේ දියණියක සහ වත්මන් රජයේ ඇමැතිවරයකු මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සම්බන්ධ කරමින් මත්ද්‍රව්‍ය වැටලීමක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

අප ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සිදු කළ විමසීමකදී එවැනි අත්අඩංගුවට ගැනීමක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදු කර නොමැති බව ද සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව ව්‍යාජ එකක් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී එවැනි වැටලීමක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කිසිවකුත් සිදු නොකළ බව ඔහු ද කීවේය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment