හිටපු ඇමැති මහින්දානන්දට හූ සංග්‍රහයක්

1222

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ මහතා නාවලපිටිය ආසනය තුළ සංවිධානය කර තිබූ සංචාරයක් අතරතුර  ජනතාවගෙන් ලැබුණු තදබල විරෝධයක් හා හූ හඬ සමඟ එම සංචාරය අවලංගු කර ආපසු ඔහුට හැරී යෑමට සිදුවිය.

හිටපු ඇමැති මහින්දානන්දට හූ සංග්‍රහයක්

ඉදිරි දිනකදී මිරිස් පැළ හා හරක් බෙදන බව පවසමින් හිටපු අමාත්‍යවරයා නාවලපිටිය වැවේගම, දෙකිඳ, මාපාකන්ද, වැලිගම්පොළ. ඉඟුරුඔය ආදී ප්‍රදේශවල මෙම සංචාරය යොදාගෙන තිබුණි.

මහජනයා හමුවී ඔවුන්ට ඉදිරියේදී සහන දෙන බව පැවසුවත් වැවේගම හා මාපාකන්ද ප්‍රදේශවල ජනතාව විරෝධතා පුවරු රැගෙන මහා මාර්ගයේ නිදා ගනිමින් ඔහුට පවසා සිටියේ හොරුන්ට නැවත ගම්මානවල ඉඩක් නොමැති බවයි.

ජනතාවගේ හූ හඬ අතර පොහොර හොරා රට කෑවා ආදී වැකි හා පොහොරත් නෑ ගෑසුත් නෑ ජනතාව මහ පාරේ වැකිද කියමින් ජනතාව ඔවුන්ට සාප කරන අයුරුද දක්නට ලැබුණි.

නාවලපිටිය පොලිසිය පැමිණ වාහන වලට හා පිරිසට රැකවරණය ලබාදුන්න ද

රැස්ව සිටි පිරිස පොලිසියට පවසා සිටියේ මේ වගේ හොරු ගමට රැගෙන නොඑන ලෙසයි.

මෙලෙස විරෝධතා වැඩිවීම නිසා පොලිසිය මැදිහත්වී අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස නැවත හරවා යවන ලදී.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment