හිටපු ඇමැති රමේෂ්ගේ නිවසත් වටලයි

217

හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ (04 දා) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විණි. ආණ්ඩුවට හා හිටපු ඇමැතිවරයාට විරෝධය පළකරමින් විරෝධතාකරුවන් මෙකී විරෝධතාවයේ නිරත වූහ.

‘ජනාධිපතිවරයා වහා ගෙදර යනු’ ආදී සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් හිටපු ඇමැතිවරයාගේ නිවස ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූහ. මෙකී විරෝධතාව නිසා ගාල්ල කිතුලම්පිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ලවිය.

හිටපු ඇමැතිවරයාගේ නිවසේ ගේට්ටු වසාදමා තිබූ අතර පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි. විරෝධතාකරුවන් හිටපු ඇමැතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධය දැක්වීම සඳහා පැමිණෙමින් සිටින අතරතුර රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා මහතාගේ නිවස ඉදිරිපිටද විරෝධතාවයේ නිරත වූහ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment