හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

112

හිටපු කථානායකවරයෙක් වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා ඊයේ (28දා) අභාවප්‍රාප්ත විය. 1941 සැප්තැම්බර් මස 15 වැනිදා උපත ලද ඒ මහතා මියයන විට 82 වැනි වියේ පසු විය.

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ඇමැතිවරයෙක් ලෙස සහ පාර්ලිමේන්තුවේ 17 වැනි කථානායකවරයා ලෙස ද කටයුතු කළේය.

1964 වසරේදී ජාඇල නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත්ව සිය දේශපාලන ගමන් මග ඇරඹූ ඒ මහතා 1970/71 වසරවලදී ජාඇල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය. 1976 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත්වූ ඒ මහතා 2015 වසර පැවති යහපාලන රජයේ ස්වදේශ කටයුතු ඇමැතිවරයා ලෙසද කටයුතු කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක සහ දුන්ගාල්පිටිය ජූඩ් හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment