හිටපු කොටින්ට ජපන් මාෆියා කල්ලියක් ආයුධ දෙන්න හදලා  

739

ඒ කේ 47 සහ එම් අයි 16 ප‍්‍රහාරක අවි දසදහසක්, සෑම් මිසයිල 20ක්, රොකට් සහ වෙනත් අවි ආයුධ ඇතුළු පතරොම්වට ලක්ෂයක් හිටපු කොටි සාමාජිකයන් පිරිසකට සැපයීමට උත්සාහ කළ ජපන් යකුසා නමැති මාෆියා කල්ලි නායක ටකිෂි එබිසාවා ඇතුළු සිව්දෙනකු ඇමරිකානු අධිකරණය සහ ආරක්‍ෂක බලධාරීන් විසින් නිව්යෝර්ක් නුවරදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අවි ආයුධ ජාවාරම්කරුවන් සිව්දෙනා ඉකුත් 06 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් එක් අයකු හිටපු තායිලන්ත ගුවන් හමුදා ජනරාල්වරයකු වන ගොබි ජුලිනන් වන අතර අනික් තැනැත්තා තායිලන්තයේම හිටපු හමුදා නිලධාරියෙකි.

මෙම අවි ආයුධ මිලයට ගැනීමට උත්සාහ කර ඇත්තේ ඩෙන්මාර්කයේ හෝපන්හේගන් නුවර සිට මෙහෙයවන සංවිධානයකි.

කොටි ජාත්‍යන්තර ජාලයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ඩෙන්මාර්කයේ බව හෙළිවී ඇත. ඩෙන්මාර්ක් රහස් පොලිසිය මේ ගැන තොරතුරු ඇමෙරිකානු පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් නිව්යෝර්ක් නුවරට පැමිණියේ කෙසේදැයි හෙළිවී නැත. ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සොයාගත් අවි ආයුධ ලැයිස්තුවේ සඳහන් අවි ආයුධ මෙසේය.

එම් – 60 මැෂින් තුවක්කු ඒකක 20යි, සන්නාහ රථ සිදුරු කරන උණ්ඩ 35,000යි, විවිධ මෝටාර් 1000යි, පතරොම් වට 1000යි, රාති‍්‍රය විනිවිද පෙනෙන උපකරණ 10යි, ආර්. පී. ජී. 50යි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment