හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන් විජය කුමාරතුංග සමාධියට පුෂ්පෝපහාර

162

මානව හිතවාදී ප්‍රවීන කලාකරු විජය කුමාරතුංග කලාකරුවා දැයට අහිමිවී වසර තිස්පහක් සපිරුන ඊයේ (16 වැනිදා) හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ විජය කුමාරතුංග මහතාගේ ඥාති හිතමිත්‍රාදීන් එක්ව සීදූව දහඅටේ කණුව ප්‍රදේශයේ පිහිටි විජය කුමාරතුංග සමාධිය වෙත පුෂපෝපහාරයක් පැවැත්විය.

එම උත්සවය කටාන විජය කුමාරතුංග අනුස්මරණ පදනමේ සභාපති විශ්‍රාමලත් විදුහල්පති දයානන්ද ආරියප්පෙරුම මහතා ප්‍රමුඛ විජය කුමාරතුංග පදනම මඟින් සංවිධානය කර තිබුණි.

මෙම සරල සහ චාම් උත්සවයේදී බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව විජය කුමාරතුංග සමාධියට පුෂ්පෝපහාර පැවැත්වීම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විජය කුමාරතුංගයන්ගේ ළඟම මිතුරා වන හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, හිටපු බස්නාහිර පළාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න, ප්‍රමුඛ ඥාති හිතමිත්‍රාදීන් විසින් සිදු කළහ.

ඉන් අනතුරුව සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ පැවති ලේ දන්දීමේ උත්සවයටද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක්වීමෙන් පසු රෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳ නීරීක්‍ෂණයකද යෙදුණි.
ආනන්ද නිශ්ශංක – කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment