හිටපු ජපන් අගමැති ඝාතකයාගේ මව යුනිෆිකේෂන්  චර්ච් ආයතනයට යෙන් මිලියන 100 ක් දුන්නා

751

හිටපු ජපන් අගමැති ෂින්සෝ අබේගේ ඝාතකයා වූ යමගාමිගේ මව යෙන් මිලියන 100 ක් හෙවත් ඩොලර් 720,000 ක් යුනිෆිකේෂන් චර්ච් සංවිධානයට පරිත්‍යාග කර තිබූ අතර එම ආයතනය 2002 දී බංකොලොත් වී ඇතැයි අනාවරණය විය.

 යමගාමිගේ පියා දිවි නසාගත් අතර ඔහුගේ සොහොයුරාට පිළිකා රෝගය නිසාඇසක් අන්ධව තිබූ බව ද විමර්ශනවලින් හෙළිවී ඇත. ඔහුගේ මව වතුපිටි විකුණා එම මුදල් ද එම පල්ලියට ලබා දී තිබේ. ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළුණු යමගාමි පසුව නාවික හමුදාවට බැඳී ඇත. ඔහු ඊට පෙර දිවි නසා ගැනීමට තැත්කර තිබේ.

 සිව් හැවිරිදි වියේදී පියා දිවි හානිකර ගැනීම නිසා ඔහු සහ සොහොයුරා හැදී වැඩී ඇත්තේ මාමා සමගින් බව ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment