හිටපු නීතිපති පාස්කු ප්‍රහාරය ගැන එදා ප්‍රකාශයට අද TID කැඳවයි

127

නීතිපති ධුරයෙන් විශ්‍රාම යෑමට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ අද (19 දා) පෙරවරු 9.00ට පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම්දී ඇත.

වත්මන් නීතිපතිවරයා විසින් හිටපු නීතිපතිවරයාට මේ බව දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

පාස්කු ප්‍රහාරයේදී කුමන්ත්‍රණයක් සිදුවූ බවට දප්පුල ද ලිවේරා මහතා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට පෙර ප්‍රකාශයක් කර තිබිණි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment