හිටපු පළාත් සභා මන්තී‍්‍රන්ට බැසිල් කී කතාව… මාගම්පුර

279

බැසිල් රාජපක්ෂයන් මුදල් ඇමැති ධූරයේ දිවුරුම් දීමෙන් පසු පළමුව හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් අරලියගහ මන්දිරයේ දී මුණගැසුණි. රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකොන්, ෂෙහාන් සේමසිංහ යන ඇමැතිවරුන් හා පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය හා පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා ද මෙම රැස්වීම සඳහා එක්ව සිටියහ.
 
 ඇමැති ධුරයේ දිවුරුම් දී මා කැබිනට් මණ්ඩලයේ රැස්වීමට සහභාගි වෙන්නත් කළින් පළාත් සභා මන්ත‍්‍රීවරුන් හමුවෙන්න තීරණය කළේ, හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු හා මා අතර තිබෙන බැඳීම හා සුහදතාව නිසා. මා පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ නායකයා කියලා කතාවක් හදලා තියෙනවා. පළාත් සභා මන්තී‍්‍ර‍්‍රවරුන් ඉන්නේ මාත් එක්ක කියලා මතයක් හදලා තියෙනවා. පළාත් සභා ප‍්‍රමාද වෙන්න ඒකත් හේතුවක් යැයි, බැසිල් රාජපක්ෂයන් හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් සමග සාකච්ඡුාව ආරම්භ කරමින් කීවේය. මෙකී රැුස්වීම සඳහා දිවයිනේ සියලූම පළාත්වල ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් පිරිස පැමිණ සිටියහ. බැසිල් රාජපක්ෂයන් මුදල් ඇමැති ධූරය ගැනද හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් සමග කතාබහ කළේය. මම මුදල් ඇමැති ධූරයේ වැඩ භාරගත්තාට මුදල් නැති ඇමැතිධූරයක් තමයි භාරගත්තේ. මට ලබාදීපු ඒ අභියෝගය මා භාරගන්නවා. මුදල් ඇමැතිවරු අයවැය ඉදිරිපත් කරන විට කියන්නේ අය වැය පරතරය අඩුකරනවා කියලා. නමුත් මගේ අරමුණ අය වැය පරතරය නැතිකරලා දමන්න. 2007 වර්ෂයේ යුද්ධය තියෙන කාලයේ මීටත් වඩා විදේශ සංචිත අඩු වුණා. නමුත් අපි ඒ අමාරු අවස්ථාවෙත් අභියෝග මැද ඒ කටයුතු කරගෙන ගියා. දැන් නම් ඇමැතිවරයෙක් මුදල් ඉල්ලූ විට සතියක් දෙකක් ඉන්න කියන්න පුළුවන්. ඒ කාලයේ නම් එහෙම කියන්න බැහැ. ඇමැති බැසිල් සිනහවෙමින් කීවේය.
 
 පළාත් සභා මැතිවරණය ගැන ඉ`ගියක්
 
 මේ අතර බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලීමක්ද කළේය. මට කරන සහයෝගයක් වශයෙන් මාස 06 ක් යන තෙක් රැුකියා නම් මගෙන් ඉලන්න එපා. ඇමැති බැසිල් කීවේය. මේ අතර බැසිල් රාජපක්ෂයන් හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන්ට අදහස් දැක්වීමටද අවස්ථාව ලබාදුන්නේය.
 
 චම්ලි විතානාච්චි, සම්මු ආරියවංශ, චන්න සාලිය මෙන්ඩිස්, ඒ. කේ. සෝමවංශ ඇතුළු හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් රැසක් බැසිල් රාජපක්ෂයන්ට සුභ පතමින් කතා කළේය. ලබන වර්ෂයේ පෙබරවාරි මාසය වනවිට පළාත් පාලන මැතිවරණය එනවා. මුලින් එන්නේ අපේ ඡුන්දය නෙවෙයි නේ, හිටපු මන්ත‍්‍රීවරු කීහ. මම ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා අපේ පළාත් සභා මන්තී‍්‍ර‍්‍රවරුන්ට උදව් කරන්න කියලා. මේ අය තමයි අපේ බෆර් එක. ඊළග ඡුන්දයට මුලින්ම මුහුණ දෙන්නේ මේ අය. හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන්ට ආර්ථික දුෂ්කරතා, අපහසුතා තියෙන බව මා දන්නවා. මුදල් පස්සේ ගිහින් මන්තී‍්‍රධූරයේ ගෞරවය නැතිකරගන්න එපා. මම පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට උදව් කරනවා. ලබන වර්ෂයේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවට ඉ`ගියක් ලබාදෙමින් බැසිල් රාජපක්ෂයන් එසේ කීවේය. මේ අතර පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය කොවිඞ් එන්නත්කරණය පිළිබඳ මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළාය. ජනක බණ්ඩාර තෙන්නකොන් ඇමැතිවරයාද පළාත් සභා මැතිවරණ කෙටුම්පත ගැන විස්තර කළේය.
 
 මේජර් අජිත් ප‍්‍රසන්න යැවූ එස්.එම්.එස්. පණිවුඩය
 
 මෙකී රැුස්වීම් පැවැත්වෙන අතරතුරේ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා තම ජංගම දුරකථනයට එන කෙටි එස්.එම්.එස්. පණිවුඩ හා වට්ස් ඇප් පණිවුඩ පිළිබඳවද විමසිල්ලෙන් සිටියේය. හිටපු පළාත් සභා මන්තී‍්‍ර මේජර් අජිත් ප‍්‍රසන්න මට එස්.එම්.එස්. පණිවුඩයක් එවලා තියෙනවා. ‘‘ඇයි සර් මේ රැුස්වීමට මා කැඳවූයේ නැත්තේ කියා අහලා’’ බැසිල් ඇමැති කීවේය. ඇයි අජිත් ප‍්‍රසන්න රැුස්වීමට කැඳවූයේ නැත්තේ ඇමැති බැසිල් රාජපක්ෂ ඇසුවේය. අජිත් ප‍්‍රසන්න පසුගිය වතාවේ නෙවෙයි ඊට ඉස්සෙල්ලා වතාවේ තමයි දකුණු පළාත් සභාව නියෝජනය කළේ. ඒ නිසා වෙන්නැති අජිත් රැස්වීමට කැඳවූයේ නැත්තේ, චම්ලි විතානාච්චි හා චන්න සාලිය මෙන්ඩිස් යන මහත්වරුන් දෙදෙනා කීහ. අජිත් ප‍්‍රසන්නත් කැපකිරීම් කරපු මිනිස්සුනේ, ඉදිරියේ දී ඒ වරද නිවැරදි කරන්න ඇමැති බැසිල් කීවේය.
 
 
 පළාත් සභාවල නිල කාලය අවසන්වී මේ වනවිට වසර 03 කට ආසන්න කාලයක් ගතවී තිබේ. මේ නිසා පළාත් සභාවලට කටයුතු කරගෙන යාමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුකාරවරුන්ටය. දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සෞභාග්‍ය දැක්මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ක‍්‍රියාත්මක කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන්නේය. හේ පළාත් සභාව මගින් පාලනය වන සෑම ක්ෂේත‍්‍රයක් ගැනම සොයා බලන්නේය. එපමණක් නොව නිලධාරීන් කැඳවා ඒ පිළිබඳ පසුවිපරම් කිරීමට කටයුතු කරන්නේය. දකුණු පළාතට කොරෝනා එන්නත් ලබාදීම සඳහා මුල් වූයේ ආණ්ඩුකාර විලි ගමගේ මහතාය. ආණ්ඩුකාරවරයා දකුණු පළාතේ කොවිඞ් තත්ත්වය පිළිබඳ වාර්තා ඉදිරිපත් කරමින් කොවිඞ් මර්ධන කමිටු රැුස්වීම් වලදි කතා කළේය. ඒ සඳහා රමේෂ් පතිරණ, මොහාන් පී. ද සිල්වා යන ඇමැතිවරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ ද සහයෝගය හිමි විය. මේ නිසා අනිකුත් පළාත්වලට පෙර දකුණු පළාතට කොරෝනා එන්නත් ලබාගැනීමට හැකිවිය. මේ වනවිට දකුණු පළාතේ වැඩිහිටි ප‍්‍රජාව ඇතුළු රජයේ නිලධාරින් සඳහා කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව සිදුකරමින් පවතී. ගාලූ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ටද කොරෝනා එන්නත ලබාදීම සඳහා මුල්වූයේ ආණ්ඩුකාරවරයාය. ඇතැමුන් කොරෝනා එන්නත් වලින් ලකුණු දමා ගැනීමට උත්සාහ කරන බවක්ද දක්නට ඇත්තේය. එහෙත් එහි ගෞරවය දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට හිමිවිය යුතුය.

 
 පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී විනය විරෝධී ලෙස කටයුතු කළ ශී‍්‍ර.ල.නි. පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින්ට එරෙහිව විනය පරීක්ෂණ මේ වනවිට ආරම්භකොට ඇත. ගාල්ල දිස්ත‍්‍රික්කයේ ශී‍්‍ර.ල.නි. පක්ෂය නියෝජනය කරන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් 11 දෙනකුට එරෙහිව පක්ෂයේ විනය කමිටුවක් මගින් විනය පරීක්ෂණ සිදුකරනු ලැබුවේ ගාල්ල දඩැල්ල ප‍්‍රදේශයේ පිහිටි හෝටලයක දීය. ශී‍්‍ර.ල.නි. පක්ෂයේ ජේ්‍යෂ්ඨ නීතිඥයින් 08 දෙනකුගෙන් යුත් විනය කමිටුවක් මගින් විනය පරීක්ෂණ සිදුකරනු ලැබීය. ශ‍්‍රී.ල.නි.පක්ෂය නියෝජනය කරන හික්කඩුව නගර සභාවේ මන්ත‍්‍රීවරුන් 02 කුට, රත්ගම ප‍්‍රාදේශීය සභාවේ 01 මන්තී‍්‍රවරයකුට, නියාගම ප‍්‍රාදේශීය සභාවේ 01 මන්තී‍්‍රවරයකුට, කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරු 02 කුට, වැලිවිටිය දිවිතුර ප‍්‍රාදේශීය සභාවේ 01 මන්තී‍්‍රවරයකුට, ඉම¥ව ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන් 02 කුට හා හබරාදුව ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන් 02 කුට එරෙහිව මෙකී විනය පරීක්ෂණ එදින සිදුකොට තිබුණි. කෙසේ වුවද අදාළ ලිපි නොලැබීම නිසා එදින විනය පරීක්ෂණ කමිටුවට සහභාගිවීමට නොහැකි වූ ඉම¥ව ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරුන් 02 කුට හා නියාගම ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයකුට විනය පරීක්ෂණයට සහභාගි වීම සඳහා විනය කමිටුව මගින් සති දෙකක කාලයක් ලබාදුන්නේය. මෙකී ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් නියෝජනය කරන මැතිවරණ කොට්ඨාස වල ශී‍්‍ර.ල.නි. පක්ෂ ආසන සංවිධායකවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ලිඛිත පැමිණිලි මත පක්ෂයේ විනය කමිටුව මගින් මෙම පරීක්ෂණ සිදු කරනු ලැබීය. මෙම විනය කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීම සඳහා ශී‍්‍ර.ල.නි පක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂාන් විජේලාල් ද සිල්වා මහතා ද එක්ව සිටියේය. ගාල්ල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී.ල.නි පක්ෂය නියෝජනය කරන කිසිදු පළාත් පාලන සභිකයකුට එරෙහිව තමන් ලිඛිතව හා වාචිකව පැමිණිලි සිදුකර නැහැ. අදාළ බල ප‍්‍රදේශවල ශ‍්‍රී.ල.නි. පක්ෂයේ ආසන සංවිධායකවරුන් විසින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගාල්ල දිස්ත‍්‍රික්කය සඳහා තරග කළ එකම ශී‍්‍ර.ල.නි.පක්ෂ අපේක්ෂකයා වන තමාට සහයෝගය ලබා නුදුන් බවට ඔවුන් පක්ෂය වෙත පැමිණිලි කොට තිබුණා. ඒ නිසා තමන්ට ද විනය කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීමට සිදුවුණා. විනය කමිටුවේ තීන්දුව ඉදිරියේ දී පක්ෂයේ විනය කමිටුව මගින් ආදාළ සභිකයින් වෙත ලබාදෙනු ඇති බව ෂාන් විජේලාල් ද සිල්වා මහතා මාධ්‍ය සමග අදහස් දක්වමින් කීවේය.
 
 – ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment