හිටපු පාකිස්තාන් ජනපති මුෂාරෆ්ගේ අවසන් කටයුතු කරච්චියේ සිදුකිරීමට රජය අවසර දෙයි

232

පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුශාරප්ගේ අවසන් කටයුතු කරච්චි නුවර සුසාන භූමියේදී සිදුකිරීමට රජය අවසර දී ඇත.

ඔහුගේ සිරුර ඩුබායි සිට පකිස්තාන් හමුදා යානාවකින් රාවල්පින්ඩි නුවරට ගෙනවිත් තිබේ.

79 හැවිරිදි වියේ පසුවූ මුශාරප් අට වසරක් තිස්සේ ඩුබායි නගරයේ වාසය කළේය.

ඔහු පසුගිය සති කීපය තුළ දැඩි ලෙස රෝගාතුරවී රෝහල්ගත විය. මුශාරප් මියගියේ අම්ලොයිඩස් නැමැති දුර්ලභ රෝගයකින්ය. කාර්ගිල් යුද්ධයේ නියමුවා වූ මුශාරප් එරට 7 වැනි ජනරාල්වරයායි. ශ්‍රී ලංකාවට පැමිණ ආපසු පාකිස්තානයට යන අවස්ථාවේ පකිස්තාන් රජය ඔහුගේ යානාවට ගොඩබැස්සීමට අවසර දී නැත.

එහෙත් තම හමුදා මිතුරන්ගේ සහයෙන් පකිස්තානයට පැමිණි මුශාරප් නවාස් ශරීප් බලයෙන් පහකර රටේ නායකයා විය.

පාකිස්තාන් අධිකරණය වරක් ඔහුට මරණ දඬුවමද නියම කළේය.

පසුව ප්‍රතිකාර ගැනීම සඳහා ඩුබායි වෙත යෑමට අවසර දෙනු ලැබීය. කොටි සංවිධානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා බී. එම්. 21 නැමැති මල්ටිබැරල් රොකට් යන්ත්‍රය ශ්‍රී ලංකා හමුදාවට ලබාදුන්නේද පර්වේස් මුශාරප්ය.

advertistmentadvertistment
advertistmentadvertistment