හිටපු පාලකයෝ රටකට කරන්න පුළුවන් හැම විනාශයක්ම කරල ඉවරයි

603

කැස්බෑව ආසන බල මණ්ඩල රැස්වීමේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියයි

ජනතා බලය අහිමි ආණ්ඩුව ඡන්ද කල් දාන්න  විවිධ උපක්‍රම යොදනවා

ජනතා බලය අහිමි වී ඇති ආණ්ඩුව මැතිවරණ කල්දැමීමට කටයුතු කරමින් සිටින බවත් ඡන්ද සිතියම හැකිලීමට සිය බලවේගය ආණ්ඩුවට කිසිසේත් ඉඩ නොදෙන බවත් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

හිටපු පාලකයෝ රටකට කරන්න පුළුවන් හැම විනාශයක්ම කරල ඉවරයි

අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (15 වැනිදා) එසේ පැවසුවේ එම බලවේගයේ කැස්බෑව ආසන බලමණ්ඩල රැස්වීම පිළියන්දල නගරයේ පැවති අවස්ථාවේදීය. එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.

“ජාතික ජන බලවේගය බලය ලබාගැනීමට ඡන්දවලට සූදානම් වෙනවා. නමුත් ආණ්ඩුව ඡන්දවලට බයයි. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව නොයෙක් උපක්‍රම යොදමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නවත් ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහට මැතිවරණයකින් අත්පත් කර ගන්නා පරාජය හමුවේ තවදුරටත් ජනාධිපති පුටුවේ ඉන්න බැහැ. ඡන්දයෙන් පත් කර ගත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව විසින් පළවා හැරියා. එහෙම නම්, වර්තමාන ආණ්ඩුවටත් ජනවරමක් නැහැ. නමුත් ඔවුන් ඡන්දයකට යන්නෙත් නැහැ. ඡන්දයකට ගියොත් ඔවුනට ලැබුණු ලක්ෂ හැටනවයක ජනවරම දැන් තිබෙන්නේ කොතැනද කියලා පැහැදිලි වෙනවා.

හිටපු පාලකයෝ රටකට කරන්න පුළුවන් හැම විනාශයක්ම කරල ඉවරයි

රනිල්ටත්, රාජපක්ෂලාටත් එකට එකතු වී ඡන්දයකට යන්න බැහැ. ගම් මට්ටමේදී මේ දෙගොල්ලෝ එකතු කරන්න බැහැ. මේ වාගේ තත්ත්වයක් තුළ ඡන්ද කල් දාන්න දෙගොල්ලොම කැමැතියි. බලයක් නැති ආණ්ඩුව ඡන්ද කල් දාන්න නොයෙක් අටමගල් අටවමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාවලට විශේෂ වගකීමක් අරගෙන සටනට සූදානම් වෙනවා වාගේම ඡන්දයට සූදානම් වනවා. මේ රට ගොඩනඟන්න එකිනෙකා හඹා ගොස් පරාජය කිරීමේ මනෝභාවය වෙනුවට රට ගොඩනැඟීමේ සාමුහික හැඟීමකින් එකතු වෙන්න ඕනෑ. අනෙකාගේ වේදනාව මගේ වේදනාව බවට පත් වෙන්නේ කොහොමද කියන සාමුහික හැඟීමක් අපට අවශ්‍යයි. එසේ නැතිව උඩින් ආණ්ඩුවක් අටවා ගත් පමණින් රටක් හදන්න බැහැ. සමාජයේ පරිවර්තනයක් අවශ්‍යයි.”

මෙතෙක් කලක් මෙරට පාලනය කළ පාලකයන් රටකට සිදුකළ හැකි සියලු‍ම පන්නයේ විනාශයන් රටට අත්කරදී අවසන් බව ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා(15දා) සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළකලේ එම බලවේගයේ කැස්බෑව ආසන බල මණ්ඩල රැස්වීම පිළියන්දල නගරයේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අපේ රටේ දීර්ඝ කාලයක් විවිධාකාරයේ දේශපාලන වෙනස්කම් සිදු කිරීමට ජනතාව මැදිහත් වුණේ යහපත් බලාපොරොත්තු වලින්. අපේ ප්‍රශ්න විසඳාගන්න ආණ්ඩුවක් පිහිටුවා ගත් බවට සතුටු වුණා. නමුත්, කෙටි කාලයකින්ම අපේක්‍ෂා භංගත්වයට පත් වුණා. මෙහෙම වුණේ ඇයි? ජනතාවගේ අපේක්‍ෂා සහ බලාපොරොත්තුවලට වඩා වෙනස් අපේක්‍ෂාවන් පාලකයන්ට තිබුණු නිසයි. ජනතාව නැවත නැවත

රැවටීමට පත් වුණේ මේ තත්ත්වය යටතේ. රැවටීමට ලක්වුණු මේ තත්ත්වය තීරණාත්මක ලෙස අපි වෙනස් කළ යුතුයි. ජාතික ජන බලවේගය ගොඩනඟා තිබෙන්නේ ඒ කාර්ය අනිවාර්යයෙන්ම ඉටු කිරීමේ අරමුණින්.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිට රට දාලා යන්න සිද්ධ වුණා. මහින්ද රාජපක්‍ෂට අරලියගහ මන්දිරයෙන් හොර රහසේ ගිහින්, නාවික හමුදා කඳවුරක ඉන්න සිදු වුණා. බැසිල් රාජපක්‍ෂට රට යන්න ෆ්ලයිට් එකක් හොයා ගන්න බැරි වුණා. මහා ගල් පර්වතයක් වාගේ තිබෙන බව කියූ කඳවුර අපේ ඇස් ඉදිරිපිට බිඳ වැටී තිබෙනවා. එහෙම නම්, බලය තිබෙන්නේ ජනතාව හමුවේ බව පැහැදිලියි. නමුත්, මේ ජනතාව නිවැරැදි ලෙස සංවිධානය වී නැහැ. ජාතික ජන බලවේගය බලය ලබාගැනීම සඳහා ඡන්දවලට සූදානම් වෙනවා. නමුත්, ආණ්ඩුව ඡන්දවලට බයයි. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව නොයෙක් උපක්‍රම යොදමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නවත් ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහට මැතිවරණයකින් අත්පත් කර ගන්නා පරාජය හමුවේ තව දුරටත් ජනාධිපති පුටුවේ ඉන්න බැහැ. ඒ වාගේම ඡන්දයෙන් පත් කර ගත් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව විසින් පලවාහැරියා. එහෙම නම්, වර්තමාන ආණ්ඩුවටත් ජනවරමක් නැහැ. නමුත්, ඔවුන් ඡන්දයකට යන්නෙත් නැහැ. ඡන්දයකට ගියොත්, ඔවුනට ලැබුණු ලක්‍ෂ හැටනවයක ජනවරම දැන් තිබෙන්නේ කොතැනද කියලා පැහැදිලි වෙනවා. රනිල්ටත්, රාජපක්‍ෂලාටත් එකට එකතු වී ඡන්දයකට යන්න බැහැ. ගම් මට්ටමේදී මේ දෙගොල්ලෝ එකතු කරන්න බැහැ. මේ වාගේ තත්ත්වයක් තුළ ඡන්ද කල් දාන්න දෙගොල්ලොම කැමැතියි.

අපි කිසි කෙනෙක් ආණ්ඩු ගන්නේ කාලය ගෙවන්න නොවෙයි. රට හදන්න. මේ ගොල්ලෝ එකිනෙකා ආරක්‍ෂා කරමින්, දූෂිතයන් රකිනවා. නමුත් අපි මේ දූෂිතයන්ට දඬුවම්දී, ඔවුන් කොල්ලකා ගත් මහජන ධනය ආපසු අය කර ගන්නවා. රාජ්‍ය ආයතන විශාල පාඩුවක් සහිතව පැවැතීම රජයට බරක් බවට අද විශාල සාකච්ඡාවක් තිබෙනවා. ඒ ආයතනවලට දේශපාලන පත්වීම් මත සේවකයන් පුරවා, රාජ්‍ය ආයතන කඩාවැට්ටුවා. ආර්ථිකයේ නව අවස්ථා නිර්මාණය කර නව ව්‍යවසායකයන් හඳුන්වාදී, රැකියා උත්පාදනය කරනවා වෙනුවට ඡන්දය බලාගෙන රාජ්‍ය ආයතනවල රස්සා ලබා දුන්නා. නමුත්, ජාතික ජන බලවේගය පුරප්පාඩු නැති කිසිම ආයතනයකට රැකියා ලබා දෙන්නේ නැහැ. මේ රට ඛේදවාචකයකට හෙලපු මේ තත්වයෙන් ගොඩ ගන්න වෙන කිසිවකුට බැහැ. නාමල්ගේ මාමාගේ හෝටලයේ එක රැයක කාමර කුළිය එයාර් ලංකා සමාගමේ ගුවන් ටිකට් එකකට වඩා කීප ගුණයක්. ගුවන් යානයක් ප්‍රමාද වුනාම කාමරයක් දෙන්නේ නාමල්ගේ මාමාගේ හෝටලයේ. මේ විදියට තමයි බිස්නස් එක යන්නේ. එහෙම අයට මේ රට ගොඩගන්න පුළුවන්ද?

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment