හිටපු බි‍්‍රතාන්‍ය අගමැති  ට‍්‍රක් රියැදුරකු වී  යුකේ‍්‍රන වැසියන්ට පිහිට වෙයි

504

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම දේශපාලනයෙන් ද සමුගත් ඬේවිඞ් කැමරන්, යුකේ‍්‍රන යුද ගැටුම් හේතුවෙන් පෝලන්තයට පලා ආ යුකේ‍්‍රන වැසියන්ගේ පිහිටට ඉදිරිපත් වී සිටී. ඒ ට‍්‍රක් රථ රියැදුරකු ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර, ඇඳුම් පැළඳුම් ආදිය රැුගෙන යමිනි. හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ සහායට ඔහුගේ සමීපතමයන් දෙදෙනකු ද ට‍්‍රක් රියෙන් ගමන් කරන බව බි‍්‍රතාන්‍යයේ ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කරයි. දේශපාලනයට සමුදීමෙන් පසු කැමරන් සමාජ ක‍්‍රියාකාරිකයකු ලෙස විවිධාකාරයේ සමාජ සත්කාර වැඩසටහන්වලට සම්බන්ධ වී සිටී.

 පෝලන්තය යනු යුකේ‍්‍රනයේ අසල්වැසියාය. පෝලන්තයට පැමිණි යුක්රේන සරණාගතයන්ගේ තත්ත්වය ඛේදනීය බවත් ඔවුන්ට බි‍්‍රතාන්‍ය වැසියන්ගේ සහාය අවශ්‍ය බවත් කැමරන් ස්කයි නිවුස් පුවත් සේවයට අදහස් දක්වමින් පවසා තිබේ.

 මේ අතර, මාධ්‍ය කළ අදහස් විමසුමකදී බි‍්‍රතාන්‍ය වැසියන් වැඩි දෙනා පවසා ඇත්තේ තමන් ඕනෑම අවස්ථාවක යුකේ‍්‍රන සරණාගතයන් වෙනුවෙන් තම නිවසේ දොර විවෘත බවය.

advertistmentadvertistment
advertistmentadvertistment