හිටපු මන්තී‍්‍ර ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව මිය යයි

511

ගම්පහ දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඞ් ආසාදිතව මිග ගොස් ඇත.
මිය යන විට ඒ මහතා 86 වැනි වියෙහි පසුවූ අතර හෙතෙම ගම්පහ ප‍්‍රථම දිසා ඇමැතිවරයාද විය. හිටපු ජනාධිපති ජේආර්. ජයවර්ධන මහතාගේ ප‍්‍රභල ආධාරකරුවකු වූ ඒ මහතා 77 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණේය.
දරුවන් දෙදෙනකුගේ පියකු ද වූ ඒ මහතාගේ බිරිඳට මෙන්ම පවුලේ අයටද කොවිඞ් ආසාදකය වී ඇතැයි වාර්තා වේ.
ටියුඩර් ගුණසේකර මහතාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද දින සිදු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment