හිටපු මුදල් ඇමැති  රිෂී සුනාක් බි්‍රතාන්‍යයේ අගමැති සටනේ පෙරමුණට

216

බි්‍රතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමත් සමග නව අගමැතිවරයෙක් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ තෙවැනි වටයේ දී හිටපු මුදල් ඇමැති රිෂී සුනාක් මහතා පෙරමුණ ගෙන සිටී. එහිදී ඒ මහතා ඡන්ද 115ක් ලබාගැනීමට සමත්ව ඇත.

 සෙසු අපේක්ෂකයන් වන පෙනී මෝඩන්ට් ඡන්ද 82ක්ද ලිස් ට්‍රස් ඡන්ද 71 ද කෙමී බර්ඩෙනොඩ් ඡන්ද 58ක් ද ටොම් ටූබෙන්හට් ඡන්ද 31ද ලබා ගැනීමට සමත් වූහ.

 එරට නව අගමැතිවරයාගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ පවතින ජීවන වියදම අඩු කිරීම නැවත යුරෝපා සංගමය සමග එක්වීමට පියවර ගැනීම සහ බදු අඩු කිරීම යැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment