හිටපු සභාපති චරිත යළි කෝප් කමිටුවට

130

පොදු ව්‍යාපාර කාරක සභාව සඳහා (කෝප්) එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (18) නිවේදනය කළේය.

එම කමිටුව සඳහා විපක්ෂයේ නියෝජිතයකු ලෙස පත් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන් ඉවත් වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට චරිත හේරත් මහතා පත් කර ඇති අතර ශානක්‍යන් රාසමානික්කම් මහතා ඉවත් වීම නිසා ඇති වූ කෝප් කමිටු පුරප්පාඩුවට සිවඥානම් සීතාරාම් මහතා නම් කළ බව නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

මේ අතර අමාත්‍යාංශ උපදේශක කාරක සභා 19 සඳහා සාමාජිකයින්ගේ නාමාවලිය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් සභාගත කරනු ලැබීය. මීට පෙර අමාත්‍යාංශ උපදේශක කාරක සභා 10 ක් සඳහා මන්ත්‍රීවරුන් නම් කර තිබිණි. ඒ අනුව තාක්ෂණ කටයුතු, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ කටයුතු, ආයෝජන ප්‍රවර්ධන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන, අධ්‍යාපන, සෞඛ්‍ය, ජල සම්පාදන, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ, සංචාරක හා ඉඩම්, වැවිලි කර්මාන්ත, කර්මාන්ත කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස, විදේශ කටයුතු, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික, පරිසර, ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග, මහජන ආරක්ෂක සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ යන අමාත්‍යාංශ සඳහා මෙම කාරක සභා පත් කර ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment