හිතට දුකක් නෑ සගවන්න කිසිවක් නැහැ – ‘ගිනිගත්’ බන්ධනාගාරය ‘නිවලා’ යළි භාර දුන්නා – අස්වුණු ලොහාන් රත්වත්තේ කියයි

237

තනතුරුවල එල්බ සිටීමේ ආශාවක් මට නැහැ. මට කිසිම දුකකුත් නැහැ. මට බාරදුන් ගිනිගත්ත හිර ගෙදර මම ගිනි නිවලා නැවත යථා තත්ත්වයට ගෙන භාර දුන්නා යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉවත්වීමෙන් පසු ‘දිවයින’ ට ඊයේ (15 දා) පැවසීය.

වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර පරිශ‍්‍ර තුළ පසුගියදා සිදුවූ සිද්ධීන්වලින් පසු සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමෙන් පසු ‘දිවයින’ කළ විමසීමේදී රත්වත්තේ මහතා මෙසේද කීය.

මම තනතුරෙන් අස්වූයේ මගේ හෘද සාක්ෂියට එකඟවයි මට සඟවන්න කිසිම දෙයක් නැහැ. කන්ද උඩරට ජනතාව මට ආදරෙයි. ඒ ආදරය තියෙනකම් මට කිසිම පසුතැවීමක් නැහැ. එන අභියෝග ඕනෑ එකකට මුහුණදෙන්න මගේ ජීවිතය තුළින් පන්නරයක් ලබාගෙන තියනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment