හිතුවක්කාර ගාන්ධර්වයා 23 වැනිදා ජාතික රූපවාහිනියෙන්

103

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ 14 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් සැකසෙන සංගීතමය දෙහෝරාව ‘හිතුවක්කාර ගාන්ධර්වයා’ මෙම මස 23 වැනිදා උදෑසන 8.00 සිට ජාතික රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහන තුළින් විකාශය කෙරේ.

ප්‍රවිණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහන සඳහා ටී. එම්. ජයරත්න, ප්‍රදීපා ධර්මදාස, ඩබ්ලිව්. ජයසිරි, එරික් ඉලයප්පආරච්චි, ලලනාත්ද සිල්වා, වෛද්‍ය ශ්‍යාමන් රජින්ද්‍රජිත්, සමන්ත හේරත් සහ සුලෝචන වික්‍රමසිංහ සහභාගි වනු ඇත. කේමදාස පදනමේ සිසු සිසුවියෝ නිදසුන් ගී ගායනය සඳහා එක්වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment