හිතෙන හිතෙන ගාණට බඩු මිල උස්සලා :

156

පාරිභෝගික අධිකාරිය අද ඉන්නවාද සැකයි – කථානායක

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් නිසි ලෙස රාජකාරිය නොකිරීම නිසා වෙළෙඳපොළ මාෆියාව අද අහිංසක ජනතාව ප්‍රසිද්ධියේම ගසාකන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට ඊයේ (19 දා) පැවැසීය.

වෙළෙඳුන් හිතූ හිතූ මිලට බිත්තර අලෙවි කරන බව කී කථානායකවරයා ආහාර සඳහා ද වෙළෙඳුන් හිතූ හිතූ ලෙස මිල නියම කරන බව සඳහන් කළේය.

මේ හේතුවෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද සිටිනවාදැයි ජනතාවට ප්‍රශ්නයක් බව පැවසූ කථානායකවරයා තවදුරටත් පවසා සිටියේ නිලධාරීන් තම රාජකාරිය නිසි ලෙස කරන්නේ නම් ජනතාව මෙලෙස අසරණ නොවන බවයි.

‘මේ දිනවල වෙළෙඳුන් මහ පුදුම විදිහට මිල ගණන් උස්සනවා. පාලන මිලක් නියම කළත් ඔවුන් ඒවා තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පුංචි වෙළෙන්දන් අල්ලලා මාධ්‍ය මගින් ලොකු ප්‍රසිද්ධියක් ලබාගන්න උත්සාහ ගන්නවා. මේ වගේ ප්‍රසිද්ධිය ලබාගන්න උත්සාහ දරන නිලධාරීන්ට ප්‍රසිද්ධිය දෙන්න එපා කියලා මාධ්‍යවේදීන්ගෙන් මම ඉල්ලා සිටිනවා.’
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment