හින්දු බැතිමත්හු දසදහස් ගණනක් කොරෝනා නීති කඩමින් ‘මග් මේලා’ උත්සවයට

199

වෛද්‍යවරුන් විසින් නිකුත් කර ඇති කොරෝනා අවදානම් නිවේදන නොතකමින් හින්දු බැතිමතුන් දස දහස් ගණනක් උතුරු ඉන්දීය ප‍්‍රාන්තයක් වන උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ප‍්‍රයාග්රාජ් නගරයේ පැවැත්වෙන ‘මග් මේලා’ උත්සවයට ඊයේ (14දා) දිනයේ සහභාගි වීම හේතුවෙන් නගරය ආශ‍්‍රිතව විශාල කොරෝනා ආසාදිත පොකුරක් බිහි වීමේ අවදානමක් පැන නැගී ඇති බව නගරයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ. මකර් සංක‍්‍රාන්ති යනුවෙන්ද හැඳින්වෙන මෙම හින්දු බැතිමතුන්ගේ උත්සවයට සහභාගි වීම සඳහා මුලදී අලහබාද් නමින් හැඳින්වුණු

‘ප‍්‍රයාග්රාජ්’ නගරයට දස දෙසින් පැමිණ ඇති බැතිමත්හු සිය පව් සෝදා ගැනීම සඳහා යැයි පවසමින් ගංගා නදියේ ස්නානය කිරීමේ අවස්ථාවකටද සහභාගි වීමට නියමිතව ඇති අතර කොරෝනා මර්දන සෞඛ්‍ය

මාර්ගෝපදේශමාලාව අනුගමනය කරමින් එම කටයුත්ත සිදු නොකළහොත් එය දැනට ඉන්දියාවේ පැතිරෙන තුන්වැනි කොරෝනා වසංගත රැුල්ල තවත් දරුණු කිරීමට මගපාදනු ඇති බවට සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා තිබේ. ඊයේ දිනයේ ගංගා නදියේ ඉවුරට එක් රොක් වී සිට ඇති දහස් ගණන් වූ හින්දු බැතිමත්හු එහිදී ආගමික වතාවත් පවත්වා ඇති අතර එම අවස්ථාවේ එකිනෙකා අතර සමාජ දුරස්ථභාවයක් නොපැවති බව හා එම බැතිමතුන්ගෙන් සියයට 70ක් පමණ දෙනා මුහුණු ආවරණ (මාස්ක්) පැළඳ නොසිටි බව වාර්තා වී තිබේ. ඉකුත් වසරේ අපේ‍්‍රල් මාසයේ උත්තර්කන්ඞ් ප‍්‍රාන්තයේ හරිද්වාර් නගරයේ පැවති ‘කුම්බමේලා’ නමැති හින්දු බැතිමතුන්ගේ උත්සවයට මිලියන ගණනක් වූ හින්දු බැතිමතුන් මේ අයුරින්ම සහභාගි වී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් කටයුතු කිරීම ඉන්දියාවේ දෙවැනි කොරෝනා වසංගත රැුල්ල දරුණු ලෙස පැතිරීමට මග පෑදිය. උත්තර්කන්ඞ් ප‍්‍රාන්තය මෙම වසරේ ගංගා නදියේ ස්නානය කිරීම බැතිමතුන්ට තහනම් කර ඇති අතර උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තය ‘ඔමික්‍රෝන්’ වසංගතය පැතිරෙමින් තිබුණද එය නොතකමින් ‘මග් මේලා’ උත්සවය පැවැත්වීමට අවසරය ලබා දී තිබේ. ඊයේ වන විට මෙම උත්සවය පැවැත්වෙන භූමියේ රාජකාරි කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරීන් 38 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment