හින්දු විවාහයකදී පිරිත් ආශීර්වාදය

649


දකුණේ බෞද්ධ භික්ෂුවක් යාපනයේ දෙමළ ජාතිකයෙකුගේ හින්දු චාරිත්‍රවලට අනුකූලව පැවති විවාහ මංගල උත්සවයකට පැමිණ මංගල පෝරුවේදී නව යුවලට පිරිත් නුල් බැඳ ආශීර්වාද කර ඇත.
දකුණේ පාසලක දෙමළ භාෂාව උගන්වන එස්.ඉන්දරතන හිමියෝ තමන්ගේ හිතවත් ගුරුවරයෙකු වන යාපනයේ පදිංචි මදිසංකර් නැමැත්තාගේත් ජෙගත්ප්‍රියාගේත් විවාහ මංගල උත්සවයට වැඩම කිරීමෙ පසුව ඔවුන්ට මංගල පෝරුවේදීම අශිර්වාද කොට ඇත්තේ සෙත් පිරිත් සජ්ජායනය කොට පිරිත් නූල් බැදීමෙනි.
හින්දු ක්‍රමයට අනුව පැවති එම විවාහ මංගල උත්සවයේදීම බෞද්ධ චාරිත්‍රයන් ඉටු වීම ගැන යාපනයේ ජනතාවට අලුත් අත්දකිමක් එක් වූවා පමණක් නොව මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ ජනතාවගේ ප්‍රසාදයද හිමිව තිබේ.
දෙමළ ජාතික නව යුවල විසින් භික්ෂූන් වහන්සේට දානය පිරිනමා සිය ගෞරවය පුදකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment