හිමාලයත් භූචලන අනතුරක

723

කොයි මොහොත් හෝ හිමාලය අඩවියේ අතිශයින් බරපතළ භූචලනයක් සිදුවන බව හිමාල භූචලන නිරීක්ෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ අජේ පෝල් අනතුරු අඟවා ඇත.

ඉන්දීය භූචලන තලය හිමාල අඩවිය යට ඇති අතර එය යුරෝ ඒෂියන් භූතලය සමග ගැටෙන බව ද හෙතෙම කීවේය. මේ අනතුරු ඇඟවීම සමස්ත ඉන්දීය ගුවන් විදුලිය විටින් විට ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙම විනාශකාරී භූචලනය සිදුවන්නේ හිමාලයේ ගෞතම් කවුනන් කලාපයේ බව ද අරුන් පෝල් තවදුරටත් හෙළි කර ඇත. 2021 පෙබරවාරි 7 දා මෙම කලාපයේ හිම සහ ගල් මාරුතයක් සිදුවීම භූචලනයේ පූර්ව සිදුවීම බවත් ඉන් 206 කට අධික පිරිසක් මියගිය බවත් ඔහු අනාවරණය කර තිබේ.

හිමාල අඩවියේ ඇති ඉන්දීය භුතලය වසරකට මි.මී. 47 බැගින් ඈත් වන බව ද හෙතෙම දක්වා ඇත.

මේ අතර මෙම අනතුරු ඇඟවීම කඳු නගින්නන් වෙතද දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment