හිමිකරුවන් ඇවිත් නෑ: වේයන්ගොඩ පොලිසියට ගව කරදරයක්!

58

විවිධ ප්‍රදේශවලින් ගවයන් සොරා ගෙනවිත් ප්‍රවාහනය කරමින් සිටිය දී සහ තැන තැන සඟවා සිටිය දී අත්අඩංගුවට ගත් ගවයන් 18 දෙනෙකු මුදාහැරීමට හිමිකරුවන් මෙතෙක් නොපැමිණීම නිසා එම ගවයන් නඩත්තු කිරීමට දැඩි වෙහෙසක් විඳීමට වේයන්ගොඩ පොලිසියට සිදුවී ඇත. එම ගවයන් 18 දෙනාගෙන් 17 ක්ම පිරිමි සතුන් වන අතර ගැහැනු සතුන් එකෙක් පමණි. දැනට දින කිහිපයකට පෙර ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි ගවයන් හයක් සහ විවිධ ප්‍රදේශවලින් සොරාගෙන විත් තැන තැන කැලෑවල සඟවා සිටි 12ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය පිහිටි භූමිය මෙම ගවයන් දිගෑලි කිරීමටත් ඉඩක් නොමැති වුවද අහිංසක සතුන් තව තවත් පීඩාවට පත් නොකොට ඔවුන්ට අවශ්‍ය තණකොළ බාහිර ප්‍රදේශවලින් ලොරි රථවලින් රැගෙනවිත් ඔවුනොවුන්ගේ කුසගින්න නිවීමේ මහා පුණ්‍යකර්මයක් පොලිස් නිලධාරීන් විසින් සිදුකර ඇත.

වේයන්ගොඩ – සිරිමෙවන් පතිරණ

advertistmentadvertistment
advertistmentadvertistment