හිරගෙදර හොද්දට වැටී හිරකාරයෙක් මරුට

573

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටි සිරකරුවකු එහි මුළුතැන්ගෙයි විශාල හොදි භාජනයකට වැටී පිළිස්සීමෙන් මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

මෙම සිරකරු මිනීමැරුමක් සම්බන්ධයෙන් වැරදිකරු වී වසර 25 ක් බන්ධනාගාර ගතව සිටි අයෙකි. ලබන 2028 වර්ෂයේ මොහු නිදහස ලැබීමට නියමිතව සිට ඇති බව බන්ධනාගාරය පවසයි.

ඉකුත් මස 26 වැනිදා දහවල් මොහු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිට ඇත. මෙම සිරකරු තවත් අයකු සමග එක්ව විශාල බත් කල්දේරමක් ඔසවාගෙන යද්දී පය ලිස්සා අසල තිබූ හොදි භාජනයකට වැටී තිබේ.

ඒ අවස්ථාවේ බත් කල්දේරම ඔහුගේ සිරුර මතට වැටී හොදි භාජනයේ ඔහු සිරවී ඇත.

එහිදී අධික ලෙස පිළිස්සුම් තුවාල ලැබූ සිරකරු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රතිකාර ලබමින් සිටි සිරකරු දින 10 කට පසු ඉකුත් 06 වැනිදා මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර පාලනඅධිකාරිය විමර්ශනයක් පවත්වා ඇත.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සිරකරු පය ලිස්සා යෑමෙන් හොදි කල්දේරමකට වැටී පිළිස්සී තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවයි.

මෙම මරණය හදිසි අනතුරකින් සිදු වූවක් බව මරණ පරීක්‍ෂණයේ දී අනාවරණය වූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසීය.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment