හිරුණි කැලිෆෝනියාවේදී හොඳම කාලය වාර්තා කරයි

448

වසරකට පසු තරග බිමට පිවිසෙමින් කැලිෆෝනියා ජාත්‍යන්තර මැරතන් තරගයට සහභාගි වූ ශී‍්‍ර ලංකාවේ හිරුණි විජේරත්න එහිදී 10 වැනි ස්ථානයට පත්වූවාය. ඒ එම තරගයේදී පැය 2.34.22ක කාලයක් වාර්තා කරමිනි.

හිරුණි එම තරගයේදී වාර්තා කළ කාලය ඇයගේ සිය පෞද්ගලික හොඳම කාලය වන අතර ශී‍්‍ර ලංකා කාන්තා මැරතන් ඉසව්වේ හොඳම කාලය ලෙසින්ද වාර්තා වේ.

හිරුණි විජේරත්න පාදයේ වළලූකර ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් 2020 දෙසැම්බර් මස සිට වසරක කාලයක් තරග බිමෙන් සමුගෙන සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment