හිරු ස්ටාර් කිරුළ අබියස සිටින දෙහිඅත්තකණ්ඩියේ සහන් ප්‍රබුද්ධ

460

“දුෂ්කර පළාතක් වන දෙහිඅත්තකණ්ඩියේ නම ගායන කුසලතාවයෙන් ඉහළටම ඔසවා තැබූ සහන් ප්‍රබුද්ධ දෙහිඅත්තකණ්ඩියට පමණක් නොව රටටම ආඩම්බරයක්” යැයි හිරු ස්ටාර් කිරුළ ජයග්‍රහණය අභියස සිටින සහන් ප්‍රබුද්ධ උණුසුම් ලෙස පිළිගනිමින් ජාතික පාසලේ විදුහල්පති ශාන්ත කුමාර මහතා පසුගියදා එලෙස පැවසීය.

ජාතික පාසලේ අධ්‍යාපනය හදාරමින් අවංක ගුණගරුක ශිෂ්‍යයකු වූ සහන් ප්‍රබුද්ධ දෙහිඅත්තකණ්ඩියට විතරක් නොව රටටම හඳුන්වා දුන් හිරු මාධ්‍ය ජාලයට ස්තූති කරන අතර ගායන දිවියෙන් ඉදිරියටම යමින් හිරු ස්ටාර් කිරුළ දෙහිඅත්තකණ්ඩියට ගෙන එන්නට අපි සියලු දෙනාම එකට එක්වෙමින් ලංකාවාසී හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.

දෙහිඅත්තකණ්ඩිය – රණතුංග

advertistmentadvertistment
advertistmentadvertistment