හිරු සුපර් ඩාන්සර් කිරුළ රඹුක්කන ධනුජ ඉන්දීවරට

217

ශී‍්‍ර ලාංකේය රියැලිටි ටෙලිවිෂන් වංශ කතාව අලූත් කළ ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් හැඩවූ අසමසම නිර්මාණශීලී දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප‍්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය ‘හිරු සුපර් ඩාන්සර්’ සීසන් -3 අවසන් මහා තරගයේ ජයග‍්‍රාහී රන් කිරුළ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින් පෙරේදා (25 දා) කෑගල්ල දිස්ති‍්‍රක්කයේ රඹුක්කන පදිංචි ධනුජ ඉන්දීවරට පිරිනමනු ලැබීය. ඊට අමතරව ඔහුට මොබිටෙල් වෙතින් රුපියල් ලක්‍ෂ 5 ක මුදල් ත්‍යාගයක්ද, ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ වසරකට අවශ්‍ය ඬේටා පහසුකම් ප‍්‍රදානය කෙරිණි. මෙම අවසන් මහා තරගය (Grand Finale) Hiru Life Studio මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි. කිරුළ දිනාගත් ධනුජ ඉන්දීවරට තියුණු සටනක් දුන් අතුරුගිරිය, මිලාන් මාලකට දෙවැනි ස්ථානය හිමිවිය. මෙම තරගාවලිය පුරාම සුපිරි නර්තන දක්‍ෂතා පෙන්වූ වස්කඩුව ඔකඳි සමරතුංගට තුන්වැනි ස්ථානය හිමිවිය.

දොඩන්ගොඩ කි‍්‍රස්ටිනා ඇලෙක්සැන්ඩ්‍රෝනා මෙම තරගාවලියේ සිව්වැනි ස්ථානය ද, නුගේගොඩ ඬේලියා සේනානායක පස්වැනි ස්ථානයද හිමිකර ගන්නා ලදී. මෙහිදී යුනිලීවර් වෙතින් කිරුළ හිමිකරගත් ධනුජ ඉන්දීවරට රුපියල් ලක්‍ෂ 5 ක මුදල් ත්‍යාගයක්ද ප‍්‍රදානය කෙරුණු අතර ඔහුගේ නර්තනාචාර්යවරයා වෙත රුපියල් ලක්‍ෂ 2 ක මුදලක්ද, ඊට අමතරව මොබිටෙල් වෙතින් රුපියල් ලක්‍ෂයක ත්‍යාග මුදලක්ද පිරිනැමිණි. දෙවැනි ස්ථානය දිනාගත් අතුරුගිරිය මිලාන් මාලකට මොබිටෙල් වෙතින් රුපියල් ලක්‍ෂයක මුදල් ත්‍යාග සමග ස්මාර්ට් ජංගම දුරකථනයක්ද, වසරක් පුරා ඬේටා පහසුකම්ද නොමිලේ ලබාදීම සිදුවිය. එසේම ඔහුට යුනිලීවර් වෙතින් රුපියල් ලක්‍ෂ 2 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමිණි. ඊට අමතරව තෙවැනි, සිව්වැනි, පස්වැනි ස්ථාන පුංචි තරගකරුවන්ටද මුදල් ත්‍යාග ඇතුළු තවත් ත්‍යාග පිරිනැමිණි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment