හිරේ ඉඳන් වසන්ත මුදලිගේ සැර ලියුමක් එවයි

480

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් 2023 නව වසර වෙනුවෙන් ලිපියක් ලියා ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා සහෝදරිය,

2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපුල මිනීමරපුල මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගහපු මම සිරගතව ගෙවෙන 140 වෙනි දවස. මම විතරක් නෙවෙයි යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරපුල ආර්ථික – දේශපාලන ක්‍රම වෙනසක් ඉල්ලපු තවත් අය බන්ධනාගාර ඇතුළේ ඉන්නවා. ගොඩක් අය බන්ධනාගාරගත නොවුණත් ආණ්ඩුවේ මර්දනය හේතුවෙන් එදිනෙදා දේවල් සාමාන්‍ය විදිහට කරගන්නවත් නිදහසක් නැතිව ඉන්න බව මම දන්නවා.

බිත්තියෙන් කැලැන්ඩරය ගලවලා දානවා වගේ 2022 අවුරුද්ද අපිට ඉතිහාසයෙන් ගලවලා දාන්න බෑ. මොකද ඒ තමයි අපි ඉගෙනගත්ත අවුරුද්දග ජනතාව ජනතාවගේ බලය ගැන ඉගෙනගත්ත අවුරුද්දග කරන්න බෑ කියල හිතපු කරන්න බෑ කියල කියපු ගොඩක් දේවල් සාමූහිකවත්වය තුළින් කරන්න පුළුවන් කියලා ඔප්පු වෙච්ච අවුරුද්ද. 2022 නිකම්ම ගෙවිලා ගියේ නෑග ඒ නිසාම 2023 නිකම්ම ආරම්භ වුණෙත් නෑ. අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ ගෙවුණු අවුරුද්දෙන් ලබපු ඓතිහාසික ජයග්‍රහණ රැසක ආශ්වාදයත් එක්ක.

ජනතාව විදිහට අපි අපේ ජීවිත කාලය තුළ මුහුණ දුන්න ගැඹුරුම ආර්ථික අර්බූදයට මුහුණ දීලා ඉන්නේ. රට බංකොලොත් වෙලා. සමස්ත සමාජයක අපේක්ෂාවන් භංගවෙලා. විශේෂයෙන්ම තරුණ පරපුර. වෙන්නේ මොකක්දල කරන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න බැරි මට්ටමට ජීවිතේ හීන බිඳවැටිලා. දවසේ වැටුපට වැඩ කරපු කුලී කම්කරුවන්ටල වතු කම්කරුවන්ටල ඉදිකිරීම් කේෂ්ත්‍රයේ කම්කරුවන්ට ආදායම් මාර්ග අහිමිවෙලා. ගොවියන්ට ගොවිතැනක් කරගන්න බැරි වෙලා. ධීවරයින්ට එදාවේල හොයාගන්න බැරිවෙලා. රාජ්‍ය සේවකයන්ටල පුද්ගලික අංශයේ සේවකයන්ට ගන්න වැටුපෙන් ජීවත් වෙන්න බැරි වෙලාග වෙන එකක් තියා මීට කලින් සමාජයේ ආර්ථික වශයෙන් යම් ජීවන මට්ටමක් ගොඩනගාගෙන හිටපු මැද පාංතික ජනතාව පවා අර්බූදය ඉදිරිපිට පහළට කඩාගෙන වැටිලා. යථාර්ථය තුළ මැද පංතිය අහෝසි වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා. ⁣මේ හැම එකක්ම මැද සමාජය දැවැන්ත ආර්ථික අර්බූදයකට ඇද දාපු සීමිත කවයක විතරක් පැවැත්ම තහවුරු වෙලා. පරපුටු දේශපාලක වලල්ලකුයිල සමාගම් වලල්ලකුයි විතරක් අර්බූදය මැදත් ලාභ උපයමින් තමන්ගේ බඩ වඩාගන්න සමත් වෙලා.

අර්බුදය නිර්මාණය කළේ පාලකයෝ සහ පාලකයොත් එක්ක කරට අත දාගත්ත සමාගම් හිමියෝ කිහිපදෙනෙක්. කෝටි ප්‍රකෝටි ගණන් ණය ගත්තාග අද වෙද්දි ඒක පුද්ගල ණය විතරක් ලක්ෂ 11 සීමාව ඉක්මවලාග ගත්ත ණයෙනුත් කරපු දෙයක් නෑග ඒකත් හොරාකාලාග ජනතාව ගෙවන බදු සල්ලි කොල්ලකාලාග භාණ්ඩ හා සේවාවලින් අය කරන වක්‍ර බදු හරහා රටේ සමස්ත බදු බරෙන් 85්‍ර ක් ගෙවන්නෙ එදාවේල හොයාගන්න බැරි මිනිස්සුග ඒ මිනිස්සු ඒ සියලු බදු මුදල් ගෙවලා තියෙද්දී ආදායම් උපයන සමාගම්ල ධනපතියෝ තමන්ට හිමි 15්‍රක සොච්චම් බදු මුදලවත් ගෙවලා නෑග 2015 ඉඳන් 2019 වෙනකම් මේ පිරිස කෝටි 41ල440 ක් බදු ගෙවීම් පැහැර හැරලා තිබෙන බව අපි ගෝල්ෆේස් අරගලය භූමිය තුළ සාකච්ඡා කළාග අද අපිට කියනවා අධ්‍යාපනයට වෙන් කරන්න සල්ලි නෑලුග සෞඛ්‍යටල ප්‍රවාහනයට වෙන් කරන්න සල්ලි නෑලුග ආණ්ඩුව කියන විදිහට වැරැද්ද වෙලා තියෙන්නේ පාලකයෝ හොරාකාපු එක නෙවෙයිල පොඩි උන් ඉගෙනගන්න එකග වැරැද්ද වෙලා තියෙන්නේ මිනිස්සු ලෙඩ වෙන එකග දඬුවම් විඳින්නෙ හොරාකාපු උන් නෙවෙයිග හොරාකෑමට ලක්වෙච්ච මිනිස්සුග ඒ නිසා අද දරුවෙක්ගේ ඉස්කෝලේ පොත් ටික අරන් දෙන්න බැරිව සියදිවි නසාගන්න අම්මලා ඉන්න රටක් බවට මේ රට පත් වෙලාග මාරාන්තික වකුගඩු රෝගයක්ල හදවත් රෝගයක්ල පිළිකාවක් තියෙන බව දැන දැන බෙහෙත් ගන්න සල්ලි නැතිව මැරෙන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක් බවට මේක පත්වෙලාග දරුවෝ මන්දපෝෂණයට ලක්වෙලා ඇට ගැහිලා යන දිහා හූල්ල හූල්ල බලන් ඉන්න දෙමව්පියෝ ඉන්න රටක් බවට මේක පත්වෙලාග කන්න බොන්නල බෝඩිං ගාස්තුව ගෙවාගන්න බැරි නිසා පාඨමාලා අතෑරලා යන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්න රටක් බවට මේ රට පත්වෙලාග

ඉතිං අරගල නොකර මොකක්ද අපිට වෙන කරන්න තිබ්බේ රෑ දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන නිදාගන්නදරෑ නෑ ජනතාව විදිහට අපි තීරණය කරා සටන් වදින්නග මේ තත්ත්වය ඉවසගෙන දරාගෙන හිටපු නිවට ඉතිහාසයට තිත තියලා මුළු ක්‍රමයම කණපිට ගහන්න මුළු සමාජයක්ම තීරණය කරාග ශිෂ්‍ය ව්‍යාපාරය ඒ ජනතා අරගලය ඇතුළේ ආරම්භයේ ඉඳන්ම තීරණාත්මක කාර්ය කොටසක් ඉටුකරන්න මැදිහත් වුණාග ,ආණ්ඩුව පන්නමු – ක්‍රමය පෙරළමු, කියන සටන් පාඨය අපි අරගලයට අරගෙන ආවාග ඒ සටන් පාඨයෙන් අපි කිව්වේ කළ යුතුව තිබුණ දේග ජනතාවට උන්හිටි තැන් නැති කරපු ගෝඨාභය රාජපක්ෂගේ නින්දිත ආණ්ඩුව ගෙදර යැවිය යුතුව තිබුණාග එතනින් නොනැවතී මෙතෙක් තිබුණු මජර ⁣දේශපාලනල ආර්ථික ක්‍රමය පෙරළාදැමිය යුතුව තිබුණාග ඒ යෝජනාවල ඒ අපේක්ෂාව අදටත් වලංගුයිග අවුරුදු පහෙන් පහට ජනතා නියෝජිතයෝ කියලා කවුරුහරි පාර්ලිමේන්තුවට පත් කරලා යවන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අසමත්ග අරගලය ඉස්සරහා ඒක ඔප්පු වෙලා ඉවරයිග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්වත් දිනාගන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්න පුළුවන් වුණා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වංචනික බව ගැන කියන්න මොකටද තවත් උදාහරණ රෑ රනිල් වගේ පරාජිතයෙක්ට රිංගලා ගිහින් ජනාධිපති පුටුවේ ඉඳගන්න තරම් සිදුරු සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතා අපේක්ෂාවන් නියෝජනය කරන්නෙ නෑග ඒක තහවුරුයිග

පැනනැගුණු ආර්ථිකල ⁣දේශපාලන අර්බුදය මෙච්චර කල් රට පාලනය කරපු දේශපාලන ක්‍රමය විසින් වගේම ඒ ක්‍රමය පවත්වාගෙන ගියපු පාලකයෝ විසින් ගොඩනගපු එකක්ග පියවරෙන් පියවර වර්ධනය කරපු අර්බුදයක්ග ඒ නිසා මේ අර්බුදයට ජනතාව කිසිසේත්ම වගකිය යුතු නෑග ජනතාව නොකා නොබී හරි රට වෙනුවෙන් තමන්ට පුළුවන් උපරිමය කරාග ජනතාව එහෙම කරද්දි පාලකයෝ කරේ පුළුවන් උපරිමයෙන් ජනතා සන්තකයන් හොරාකෑමග මේ නිසා තමයි තිබුණු සාම්ප්‍රදායික දේශපාලන තන්ත්‍රයම ජනතාව ඉස්සරහ ප්‍රතික්ෂේප වෙලා ගියේග එතැන ඉඳන් ජනතාවගේ බලාපොරොත්තුව වුණේ අරගලයග පාටල පක්ෂල ජාතිල ආගම් මොකවත් නැතිවල රටේ බහුතරයක් ජනතාව සහභාගි වෙච්ච අරගලය විසින් තමයි ලංකාවේ දේශපාලනයට නව මානයන් හඳුන්වලා දුන්නේග නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මායාව වෙනුවට ජනතාව සතු බලය උරගා බලන්න අරගලය විසින් ජනතාවට අවස්ථාව දුන්නාග ඒ නිසා ඒ අරගලයේ ජනතා අපේක්ෂාවන් අපි ජයග්‍රහණය කළ යුතුයිග අරගලයෙන් ජනතාව කිව්වෙ මොනාදරෑ පාලකයෝ අපෙන් හොරාකාපු සල්ලි දියව් කියලාග සමාගම්කාරයෝ නොගෙවපු බදු ගෙවපල්ලා කියලාග බැංකුවලට තිබ්බ පොලුල ගෙවල් ඉවර කරපල්ලා කියලාග 2020 විතරක් රුපියල් කෝටි 1ල050ක් බැංකු ණය පැහැරහැරලාග අපි කිව්වේ අරමුදලක් පිහිටුවලා ජනතාවට හදිසි සහන සපයන වැඩපිළිවෙළක් ඕනි කියලාග විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕනි කියලාග නියෝජිතයන් නැවත කැඳවන බලයල ජනමත විචාරණ කැඳවන බලය ජනතාවට ලැබෙනල අධ්‍යාපනය – සෞඛ්‍ය මූලික අයිතීන් විදිහට පිළිගන්න අලුත් ව්‍යවස්ථාවක් ඕනි කියලාග මේ ටික කෙටියෙන් කිව්වොත් මෙහෙමයිග අරගලයෙන් අපි බලාපොරොත්තු වුණේ

1ග ආර්ථික සාධාරණත්වය සහිත සමාජයක්
2ග ජනතාව පාලනයට ඍජුව සම්බන්ධ වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ
3ග සමාජයට හා පරිසරයට වගකියන දේශපාලනල ආර්ථික ප්‍රතිපත්තියක්

ජනතාව අරගල ක⁣රේල ඒ අපේක්ෂාවන් එක්කග නමුත් තවම ඒ අපේක්ෂාවන් ඉටුකරගන්න අපි සමත් වෙලා නෑග ගෝඨාභය රාජපක්ෂ යැව්වට පස්සෙ ව්‍යවස්ථා කුමන්ත්‍රණ කරලා රනිල් ජනාධිපති වුණාග දැන් රනිල් – රාජපක්ෂ ජුන්ටාව අර පරණ වැඩ ටිකම ඊටත් වඩා වේගයෙන් කරගෙන යනවාග ජනතාවට බදුබර පටවනවාග අවුරුදු 18 පිරුණ හැම කෙනෙක්ටම බදු ෆයිල් අරින්න යනවාග උපයන විට ගෙවන බද්ද කියලා ලක්ෂයක මාසික වැටුපක් ලබන වෘත්තිකයන්ගෙන් විශාල කොටසක් කපාගන්න යනවාග එහෙම කරන්නේ මහාපරිමාණ සමාගම් බිලියන ගණන් බදු මුදල් පැහැර හැරලා තියෙද්දීග විදුලි බිල 70්‍රකින් ඉහළ ගියාග මේ අවුරුද්දෙත් ඒ ගාණටම විදුලි බිල වැඩි කරන්න යනවාග ඒ කියන්නෙ ඒකට සාපේක්ෂව බඩු මිල තවත් ඉහළ යනවාග දැනටත් දවසට එක වේලක් කාලා ඉන්න මිනිස්සුන්ට ඊට පස්සෙ වෙන්නේ බඩගින්නේ මැරෙන්නග අපනයන ආදායම් බිලියන සිය ගණන් රටින් පිට හංගලා තියෙද්දිල පැන්ඩෝරා පේපර්වලින් හෙළි වුණා වගේ හොරාකාපු මුදල් බිලියන ගණන් රටින් පිට යවලා තියෙද්දිල බදු මුදල් ණය මුදල් පැහැර හැරලා තියෙද්දි ඒව ගැන කතාවක්වත් නැතිව ජනතාව මත තව බර පටවනවාග අධ්‍යාපනයල සෞඛ්‍ය අයිතීන් පවා විකුණනවාග ජනතා දේපොළ විකුණනවාග

තමන්ගේ බැරි බැරියාව වහගන්න අසමත් බව වහගන්න දැන් ආණ්ඩුව අරගලයට විරුද්ධව විශාල මඩ අවලාද ව්‍යාපාරයක් පටන් අරගෙන. නියමින් හෝ අනියමින් ආණ්ඩුවට කඩේ යන තවත් පාර්ශව අරගලයට නායකත්වයක් තිබ්බෙ නෑල අරගලයට වැඩපිළිවෙළක් තිබ්බෙ නෑල අරමුණක් තිබ්බෙ නෑ කිය කිය අවලාද ගහන්න පටන් අරගෙන. නමුත් මේ සියල්ල මැද අපි ජනතාවට කියනවා ඒ දුක්ගැනවිලිල මැසිවිලිවලට ඉඩ තියන්න එපාග මේක තමයි අපි හැමෝම එකතු වෙලා කරපු අපේ රටේ ඉතිහාසයේ සාර්ථකම අරගලයග මේ අරගලයේ ආරම්භය විතරයිග තවම ඉවර වෙලා නෑ. මෙතනින් එහාට අවසන් ජයග්‍රහණය දක්වා අරගලය විහිදිලා යන එක වළක්වන්න තමයි පාලකයන්ට ඕනි වෙලා තියෙන්නේග ආරම්භක පියවරේදීම අරගලය ජයග්‍රහණ ගණනාවක් මේ සමාජයට ගෙනල්ලා දුන්නා.

1ග ආණ්ඩු පත් කරන්නත්ල ආණ්ඩු ගෙදර යවන්නත් පුළුවන් මහජන බලය ගැන විශ්වාසය අරගලය විසින් ගොඩනැගුවාග
2ග පාර්ලිමේන්තුව වගේ ආයතනවලට පිටින් මහජන බලය අත්හදා බලන ක්‍රමවේද ගැන අරගලය මේ සමාජයට අත්දැකීම් ලබාදුන්නා
3ග සදාකාලිකව බලයේ ඉන්න හීන දැකපු රාජපක්ෂ පවුලේ දේශපාලනය පරාජය කරන්න අරගලය සමත් වුණාග
4ග ජාතිවාදයල ආගම්වාදය වගේ අගතීන් පාවිච්චි කරලා පවත්වාගෙන ගිය දේශපාලන සම්ප්‍රදාය පරාජය කරන්න පුළුවන් වුණාග

මේ තමයි අරගලය අපිට ලබාදුන්න මූලික ජයග්‍රහණග මේ ඓතිහාසික ජයග්‍රහණයන්ගෙ පදනම් එක්ක තමයි 2022 අවුරුද්ද ඉවර වෙලා 2023 අලුත් අවුරුද්ද උදා වෙන්නේග ඒ අත්දැකීම් එක්ක අවසාන ජයග්‍රහණයක් දක්වා අරගලය ඉදිරියට ක්‍රියාත්මක කරන්න ඕනිග 2023 වසර උදාවෙන්නෙ ඒ පණිවුඩයත් එක්කග ඒ නිසා මගේ රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලනවා ඔබ ඔබේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අරගලය තෝරගන්නග ආණ්ඩුවේ මර්දනයල ආර්ථික පීඩනය ඉස්සරහ දණගහන්න එපාග කොන්දේසි විරහිතවල සංවිධානාත්මකව පාරට බහින්නග අපි අපේ ජීවිත වෙනුවෙන් සටන් කරමුග අපි අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කරමුග ඒ වෙනුවෙන් ඕනම විදිහක කැපකිරීමක් කරන්න ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට අපි සූදානම්ග

අරගලයට ජයවේවා

2023.01.01
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී…

වසන්ත මුදලිගේ
කැඳවුම්කරු
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

advertistmentadvertistment
advertistmentadvertistment