හිරේ සිටින අනියම් සැමියාට කලිසමේ සඟවා කුඩු ගෙනා දෙදරු ගැබිනි මව මාට්ටු

168

බන්ධනාගාරයේ සිටින සිය අනියම් සැමියාට ලබාදීමට කලිසමේ සඟවා හෙරොයින් රැගෙන ආ ගැබිනි කතක් පෙරේදා (30 දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව ඇයගේ 6 සහ 4 හැවිරිදි පුතුන් දෙදෙනාද රැගෙන පැමිණ සිට ඇති අතර ඔවුන් දෙදෙනාද අඳුර වැටෙන විටත් කළුතර උතුර පොලිසියේ රැඳී සිටින අයුරු දැකගත හැකි විය.

අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි දෙදරු ගැබිනි මවක මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මල්වත්ත බන්ධනාගාරයේ මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් රඳවා සිටින සිය අනියම් සැමියා බැලීමට සැකකාර කාන්තාව පැමිණ ඇත.

ඇය පිළිබඳ සැක සිතී බන්ධනාගාර නිලධාරිනියන් ලවා පරීක්ෂා කිරීමේදී ඇඳ සිටි කලිසමේ වාටියේ සඟවා තිබූ හෙරොයින් මත්කුඩු මිලිග‍්‍රෑම් 990 ක් සොයාගෙන ඇතැයි පැවසේ.

සැකකාර කාන්තාව කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වැඩබලන ස්ථානාධිපති පො.ප. ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. රාජිත ගුරුසිංහ මහතා පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම, කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment