හිර ගෙවල් කප් ගහයි: 13,200 කට ඇති ඉඩේ 24,000 ක්

266

මෙරට බන්ධනාගාරවල රඳවා තැබිය හැකි සමස්ත රැඳවියන් සංඛ්‍යාවට වඩා දැනට බන්ධනාගාරගතව සිටින පිරිස සියයට 180කින් පමණ ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම 2022 වර්ෂයේ ආරම්භයත් සමග බන්ධනාගාරගත වන්නන්ගේ ප්‍රමාණය ශීඝ්‍ර ලෙස වර්ධනය වීම නිසා මෙම තත්ත්වය මතුව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

ඇතැම් බන්ධනාගාරවල මෙම තත්ත්වය සියයට 200 හා 300 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

සාමාන්‍යයෙන් මෙරට බන්ධනාගාර පද්ධතියේ රැඳවා තැබිය හැකි සමස්ත රැඳවියන් ප්‍රමාණය 13,200ක් පමණ වුවද 24,000ක පිරිසක් දැනට බන්ධනාගාරගතව සිටිති.

ඒ අතරිනුත් වැඩිම පිරිසක් සැකකරුවන් ලෙසින් රක්‍ෂිත බන්ධනාගාරගතවූවන් වන අතර එම සංඛ්‍යාව 15,000 කි.

එසේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පිරිස අතරින් පුද්ගලයන් 7500කට ආසන්න ප්‍රමාණයක් බන්ධනාගාරගතව සිටිනුයේ මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අන්දමට බන්ධනාගාරගතව සිටින පිරිස ඉහළ යෑමත් සමග එළැඹෙන 2023 වසරේ දී ඔවුන්ගේ ආහාර සඳහා පමණක් රුපියල් බිලියන 4.7 පමණ මුදලක් වැය කිරීමට රජයට සිදුවනු ඇතැයි බන්ධනාගාර සංඛ්‍යා ලේඛන දත්ත අනුව පෙනී යන බවද චන්දන ඒකනායක මහතා පැවසීය.

සමන් ගමගේ . චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment