හිලෑ අලි 15 දෙනා ලියාපදිංචිය නවත්වන්න – අභියාචනාධිකරණයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග

118

කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය හා මාතලේ මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් මුල් හිමිකරුවන්ට ආපසු භාරදීමට නියෝග කොට ඇති හිලෑ අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (29 දා* වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ිනියෝග කළේය.

නීති විරෝධී අන්දමින් එම අලි ඇතුන් සන්තකයේ තබාගෙන සිටි පිරිසටම නැවත මුදාහරින ලෙසට මහෙස්ත‍්‍රාත් අධිකරණ විසින් කරන ලද නියෝග අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය, සත්ත්වයන් උදෙසා යුක්තිය ඇතුළු සංවිධාන කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලූ සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොළ යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

මුල් හිමිකරුට භාරදීම වළක්වමින් අධිකරණය විසින් පෙර දිනයේ නියම කරන ලද සුජීවා නමැති ඇතින්න සහ මාස හතරක් වයසැති ඇය බිහිකළ අලි පැටවා තවදුරටත් රඳවා තබා ගන්නා ලෙසට ද විනිසුරු මඩුල්ල උඩවලව ඇත් අතුරු සෙවනේ පාලකවරයාට නියෝග කළේය.

එම පෙත්සම්වලට අතරමැදි පාර්ශ්ව ලෙස මැදිහත්ව කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා පාහියංගල ආනන්දසාගර හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම් සම්බන්ධයෙන් ලිඛිත දේශන අධිකරණය හමුවේ

ගොනු කරනා ලෙසට එහිදී නියෝග කළ විනිසුරු මඬුල්ල එම ඉල්ලීම් සලකා බැලීම සඳහා ලබන 13 වැනිදා එම පෙත්සම් යළි කැඳවීමට ද නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment