හිසතෙල් ගැල්වීමේ ජාතික උත්සවය

35

හිසතෙල් ගැල්වීමේ ජාතික උළෙල අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බියගම හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේදී සුබ නැකතින් ඊයේ (16දා) පෙරවරුවේ පැවැත්විණි.

අගමැතිවරයා ප්‍රථමයෙන් කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පානකාවේ පේමරතන මාහිමියන් වෙත දැහැත් වට්ටියක් පිළිගන්වා ආශිර්වාද ලබාගත් අතර අනතුරුව හෙයියන්තුඩුව පුරාණ විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ සීලරතන මාහිමියෝ සුබ නැකතට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ හිසතෙල් ගැල්වීම සිදු කළහ.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන, බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

බියගම – සුදත් පුබුදු කීර්ති, දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. එම්. විතාන, කැළණිය – මංගලා මදුරත්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment