හිස් ඉඩම්වල වවන්නැයි ජනපතිගෙන් උපදෙස්

176

රටේ දැනට වගා නොකළ සියලු ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති විසින් සියලුම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පරිසර අමාත්‍යාංශයේ දී අද (12) දින පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම වසරේ මැද වනවිට ආහාර හිඟ තත්ත්වයක් මතු විය හැකි යැයි විවිධ පාර්ශ්ව අනතුරු අඟවනවාග අද ගොවිබිම්වලට යන අය ගොවීන් වගේම තරුණ කොටස් යම් අධෛර්මත්වීමක් තිබෙනවාග අපේ රටේ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා රජය මැදිහත්ව ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළාග ජනාධිපතිතුමා ඒ ගැන විශේෂ උනන්දුවක් දැක්වුවාග එතුමා මුදල් අමාත්‍යතුමාටත් ඒ ගැන දැනුම් දුන්නාග ඒ අනුව අදාල සියලු පාර්ශ්ව කැඳවා මුදල් අමාත්‍යතුමා මේ සම්බන්ධව සාකච්ඡා කළාග මුදල් අමාත්‍යතුමා පරිසර අමාත්‍යාංශය විදියට අපිටත් මේ සඳහා දායකවීමට යම් වගකීමක් පැවරුවාග
ඒ අනුව ආගමික ස්ථානල පොලිස් ස්ථානල හමුදා කඳවුරුල රෝහල් හා පාසැල් ඇතුළු රාජ්‍ය අංශයේ ඉඩම්වල විශාල වශයෙන් වගා නොකළ ඉඩම් තිබෙනවාග එම ඉඩම් සියල්ලම ගෙවතු වගාවන් ආරම්භ කිරීමට සුදුසු වැඩ පිළිවෙළක් අරඹන ලෙස අපිට උපදෙස් දුන්නාග ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදනත් රජය මගින් ලබා දීමට නියමිතයිග මෙම ගෙවතුවල පලතුරුල එළවලුල මෙන්ම වනපියස වැඩි කිරීම සඳහා සහාය වන අරළු බුළු නෙල්ලි ඇතුළු ඖෂධ ශාක වගා කිරීමටත් අපි පියවර ගන්නවා යැයි ඇමැතිවරයා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment