හීටරයක් කළ විපතක්: අඹතලේ නිවසක් ගිනිගෙන මාස තුනේ බබෙක් පිළිස්සී මියයයි

387

මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක හදිසියේ ඇතිවූ ගින්නකින් මාස 4 ක බිලිඳෙක් පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි.

මෙම ශෝකජනක සිද්ධිය ඊයේ (16දා) සවස 6.00ට පමණ සිදුවී ඇත.

බිලිඳා නිවසේ කාමරයක ඇඳක් මත නිදා සිට ඇති අතර ඔහුගේ 12 හැවිරිදි සොහොයුරිය ජලය ඉතිරවීම සඳහා හීටරය ගසා එළියට ගොස් තිබේ. එහිදී හීටරය ගිනිගෙන කාමරය සම්පූර්ණයෙන් ගින්නෙන් වැසී තිබේ. මෙහිදී බිලිඳා ගින්නට හසුව ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය වන අවස්ථාවේදී දරුවාගේ මව අත්‍යවශ්‍යතාවකට නිවසින් පිටතට ගොස් තිබේ.

යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment