හීනුක්කිරියාගම භාවනා අසපුවේ යෝගීව සිටි අයෙක් වන අලියාට බිලි

654

මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයට අයත් මරදන්කඩවල හබරණ මාර්ගයේ හීනුක්කිරියාගම භාවනා අසපුව අසල දී පෙරේදා (27) සවස යෝගී භාවනා කරමින් සිටි පුද්ගලයෙකු හට වන අලියෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලබා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මරදන්කඩවල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ පදිංචි කණ්ඩුල මනන්පේරිය නමැති 31 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

මිය ගිය අය තවත් මිතුරන් දෙදෙනකු සමඟ පෙරේදා දහවල් හීනුක්කිරියාගම භාවනා අසපුව වෙත යෝගී භාවනා කිරීම සඳහා පැමිණ තිබේ. පසුව සවස 6.30 ට පමණ අසපුව අසල කැලෑ රොදක භාවනා කරමින් සිටි මෙම පුද්ගලයා අසලට වන අලියෙකු පැමිණ ඇති අතර එම අලියා ජායාරූපගත කිරීම සඳහා ළඟට යෑමට උත්සාහ කිරීමේ දී වනඅලියා එලවාවිත් පහර දී ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි මරදන්කඩවල පොලිසිය පැවසීය.

වන අලි පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යෑමට කටයුතු සිදු කර ඇති අතර පසුව ඔහු මිය ගොස් තිබේ. ගම්මුන්ගේ සහයෙන් වන අලියා එම ස්ථානයෙන් පන්නා දැමීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒකනායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

තිරප්පනේ සමන් පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment