හීන බොඳවූ තාරුණ්‍යය ගැන කියන මැස්සා හෙට සිට ස්වර්ණවාහිනියේ

394

ගිරි දේවි සහ අඳුන්ගිර නමැති සම්මානනීය ටෙලි නාට්‍යය නිර්මාණය කළ නව පරපුරේ නිර්මාණකරුවකු වන ඉන්දික ධර්මතිලකගේ නවතම ටෙලි සිත්තම “මැස්සා” ටෙලි නාට්‍යය හෙට 30 දා සිට සෑම සති අන්තයකම රාත්‍රී 8.30 ට විකාශය වේ.

හීන බොඳවූ තාරුණ්‍යය ගැන කියන මැස්සා හෙට සිට ස්වර්ණවාහිනියේ

කොටස් සියයකින් සමන්විත මෙම ටෙලි නාට්‍යයේදී නාගරික තදාසන්න පරිසරයන්හි දරිද්‍රතාවයේ පතුලේ ජීවත්වන තරුණ ප්‍රජාවගේ බලාපොරොත්තු සුන් වූ දුක්ඛිත ඛේදාන්තය ගෙනහැර දක්වයි.

“තාරුණයේ කාටත් හීන තියෙනවා. තදාසන්න ප්‍රදේශවල ජීවත්වන තරුණයන්ටත් එහෙමයි. අනිත් අය වගේම ඒ අයත් උත්සහ ගන්නෙ තමන් සිටින තැනින් වඩා හොඳ තැනකට ඇවිත් ජීවත් වෙන්න. ආදරය කරන්න… ආදරය විඳින්න. ඒත් ඒ හීනවලට යන්න උත්සහ කළත් ඒ බොහෝ අය එම පරිසරය තුළ ක්‍රියාත්මක වෙන ගේම්වලට අහුවෙනවා. උත්සාහය අවශ්‍යතාව තිබ්බත් එතනින් එළියට එන්න බෑ. ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ ජීවිත ගෙවෙන්නෙ තව කෙනෙක්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඇත්තටම දැන් තියෙන්නෙ හීන බොඳවෙලා ගිය තාරුණ්‍යයක්.” යැයි ස්වකීය නිර්මාණය පිළිබඳ ඉන්දික පවසනවා.

හීන බොඳවූ තාරුණ්‍යය ගැන කියන මැස්සා හෙට සිට ස්වර්ණවාහිනියේ

“මැස්සා” ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ දසුන් පතිරණ ය. කාවින්ද්‍යා දුල්ෂානී, පූජානි භාග්‍යා, මහේෂි මධුශංකා, ආනන්ද කුමාරඋන්නැහේ ඇතුළු තවත් ශිල්පීන් රැසක් ඊට රංගනයෙන් දායකව ඇත. කෞෂල්‍ය පතිරණ තිරකතාව ලියා තිබෙන මැස්සා නිෂ්පාදනය කර තිබෙන්නේ ජනක සම්පත් තඹරවිල ය. ප්‍රභාත් දර්ශන කැමරාවට නගන මැස්සා ටෙලි නාට්‍යයේ අංග රචනයෙන් තිලංක මධුසර ද නිෂ්පාදන කළමනාකරණයෙන් දිනේෂ් කහංගම ද දායක වී ඇත.

  • තිස්ස
හීන බොඳවූ තාරුණ්‍යය ගැන කියන මැස්සා හෙට සිට ස්වර්ණවාහිනියේ

advertistmentadvertistment
advertistmentadvertistment