හුදෙකලාව සිටි සිව්දරු මවගේ ගෙල කපා ඝාතනය කරලා

647

වෙලම්බොඩ වට්ටප්පල පරණපට්ටිය ප්‍රදේශයේ නිවෙසක හුදකලාව විසූ සිව් දරු මවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබියදී වෙලම්බොඩ පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අඹන්වල ගෙදර පොඩිනෝනා නැමැති 68 හැවිරිදි සිවුදරු මවකි. ඇයගේ සිරුර ඊයේ උදෑසන සොයාගෙන ඇති අතර ඇය මීට දින දෙකකට පෙර මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මේ පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය ගම්පොල වැඩබලන මහෙස්ත්‍රාත් දේවප්‍රිය රණතුංග මහතා පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මහනුවර මහ රෝහලට ගෙනියන ලෙස දන්වනු ලැබීය.

පරීක්ෂණයට සහය වූ ගම්පොල පොලිසියේ ස්ථානීය පරීක්ෂණ අංශය (සොකෝ) සුනඛයන් දෙදෙනකු යොදවා පරීක්ෂණ සිදුකළ අතර ඇඟිලි සලකුණු අංශය ද ඊට සහය දැක්විය.

සිව් දරු මවක වන ඇය නිවසේ හුදකලාව සිට ඇති අතර ඇගේ දරුවන් සියල්ලෝම විවාහ වී වෙනත් ප්‍රදේශවල පදිංචිව සිටින බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.

වැඩිදුර පරීක්ෂණ වෙලම්බඩ පොලිසිය විසින් පවත්වනු ලබයි.

ගම්පොල – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment