හුන්ගා ටොංගා හුන්ගා හාපායි ගිනි කන්ද පිපිරී මතුවූ සුනාමිය

677

හුන්ගා ටොංගා හුන්ගා හාපායි ගිනි කන්ද පිහිටා ඇත්තේ ටොංගා හි අගනුවර වන නකුආලොෆා සිට කිලෝමීටර් 64 (සැතපුම් 40) පමණ උතුරින් ය. 2014 අග සහ 2015 මුල්  භාගයේදී, මෙහි පිපිරීම් මාලාවක් සිදුවූ අතර එනිසා කුඩා නව දූපතක් නිර්මාණය විය. මාතාංගි ටොංගා පුවත් වෙබ් අඩවිය වාර්තා කළේ සිකුරාදා අලූයම  ගිනි කන්ද විදාරණය වීමට පටන් ගැනීමෙන් පසු එම ගිනි කන්ද ආසන්නයේ දැවැන්ත පිපිරීම්, ගිගුරුම් සහ අකුණු ගැසීම් නිරීක්ෂණය වූ බවයි.

හුන්ගා ටොංගා හුන්ගා හාපායි ගිනි කන්ද පිපිරී මතුවූ සුනාමිය

පැසිෆික් රාජ්‍යයක් වන ටොංගා දූපත් රාජ්‍යය ආසන්නයේ සෙනසුරාදා දින දිය යට ගිනි කන්දක් පුපුරා ගිය අතර එනිසා ඇතිවූ සුනාමි රළ වෙරළ හරහා රට තුළට කඩා වැදීම නිසා ජනයාට උස්බිම් කරා දිවයන්නට සිදුවිය. ගිනි කන්ද පුපුරා යෑමෙන් ටොංගා රාජ්‍යය හා ලොව අන් රටවල් අතර සබ`දතා බි`ද වැටුනේ අන්තර්ජාලය ක‍්‍රියා විරහිත වූ නිසාය. නිල් පැසිෆික් ජලයට ඉහළින් හතු පිපෙන්නාක් මෙන් අළු, වාෂ්ප සහ වායු සමඟින් විශාල පිපිරීමක් චන්ද්‍රිකා ඡුායාරූප මගින් පෙන්නුම් කරන ලදී. ඇලස්කාව තරම් ඈතට බූම් හඬක් මේ පිපිරීම නිසා ඇසුණු බව කියවේ. හවායි, ඇලස්කාව සහ එක්සත් ජනපද පැසිෆික් වෙරළ ඇතුළු බොහෝ පැසිෆික් දූපත් සඳහා සුනාමි අනතුරු ඇ`ගවීම් නිකුත් කරන ලදී. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ඇස්තමේන්තු කළේ මෙම පිපිරීම රික්ටර් මාපකයේ 5.8 ක ප‍්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකට සමාන බවයි. විද්‍යාඥයන් පැවසුවේ භූමිකම්පාවලට වඩා ගිනිකඳු මගින් ජනනය වන සුනාමි සාපේක්ෂව දුර්ලභ බවයි. ටොංගා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සියලූම දූපත් සමූහය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් ප‍්‍රකාශයට පත් කළ බවත් පැසිෆික් සුනාමි මධ්‍යස්ථානයේ දත්තවලට අනුව සෙන්ටිමීටර් 80 (අඩි 2.7) උසට රළ පැමිණි බවයි.

හුන්ගා ටොංගා හුන්ගා හාපායි ගිනි කන්ද පිපිරී මතුවූ සුනාමිය

නවසීලන්ත ටොංගා ව්‍යාපාරික කවුන්සිලයේ මුලසුන දරන රෙෂල් අෆෙකි පවසන්නේ ගිනිකන්දට ආසන්නම දූපත්වල ජීවත් වන අය ගැන තමන් කනස්සල්ලට පත්වන නමුත් සුනාමි රළ බරපතළ නොවීම නිසා බොහෝ මිනිසුන්ට ආරක්ෂිත ස්ථාන කරා යෑමට හැකිවන බවට අනුමාන කළාය. රෙෂල්ට තවමත් ටොංගා හි සිටින ඇගේ මිතුරන් සහ පවුලේ අය සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත. ‘‘අපි යාඥා කරන්නේ මිනිසුන්ට උස් බිම්වලට දුවන්න පුළුවන් වේවා කියලා,” ඇය පැවසුවාය. ටොංගා එහි අන්තර්ජාල සබ`දතා ලබා ගන්නේ ෆීජි හි සුවා සිට මුහුද යට කේබලයක් හරහා වන අතර, එයට හානි සිදුවී ඇත. ෆිජි හි පිහිටි අයිලන්ඞ්ස් බිස්නස් ප‍්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කළේ, පොලිස් සහ හමුදා භට පිරිසක් ටොංගාවේ හයවන ටුපෝ රජු වෙරළ ආසන්නයේ පිහිටි ඔහුගේ මාලිගයෙන් ඉවත් කළ බවයි. උස් බිම් කරා යන බොහෝ නිවැසියන් අතර ඔහු ද විය. පුද්ගලයන් 105,000ක් පමණ වෙසෙන ටොංගාවේ, සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද වීඩියෝ පටයේ විශාල රළ වෙරළබඩ ප‍්‍රදේශවල ඇතුළු වන ආකාරයත් නිවාස, පල්ලිය සහ වෙනත් ගොඩනැඟිලි වටා මුහුදු ජලය පිරී ඇති අයුරුත් දක්නට ලැබිණි.” ගිනි කන්ද විදාරණය වීම හො`දින් ඇසෙයි, තරමක් ප‍්‍රචණ්ඩ ලෙස පෙනේ,” ‘‘අළු සහ කුඩා ගල් කැට වැස්ස, අඳුර අහස ආවරණය කරයි.” යනුවෙන් ටොංගා වැසියකුගේ ට්විටර් ගිණුමක සටහන්ව තිබිණි.

හුන්ගා ටොංගා හුන්ගා හාපායි ගිනි කන්ද පිපිරී මතුවූ සුනාමිය

හුන්ගා ටොංගා හුන්ගා හාපායි ගිනි කන්ද පිහිටා ඇත්තේ ටොංගා හි අගනුවර වන නකුආලොෆා සිට කිලෝමීටර් 64 (සැතපුම් 40) පමණ උතුරින් ය. 2014 අග සහ 2015 මුල් භාගයේදී, මෙහි පිපිරීම් මාලාවක් සිදුවූ අතර එනිසා කුඩා නව දූපතක් නිර්මාණය විය.

 මාතාංගි ටොංගා පුවත් වෙබ් අඩවිය වාර්තා කළේ සිකුරාදා අලූයම ගිනි කන්ද විදාරණය වීමට පටන් ගැනීමෙන් පසු එම ගිනි කන්ද ආසන්නයේ දැවැන්ත පිපිරීම්, ගිගුරුම් සහ අකුණු ගැසීම් නිරීක්ෂණය වූ බවයි. චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන්නේ කිලෝමීටර් 5ක් පළල (සැතපුම් 3ක්) විශාල දුම් ජාලයක් කිලෝමීටර් 20ක් (සැතපුම් 12ක්) දක්වා ඉහළ අහසට නැෙ`ගන අයුරුය. දිය යට සහ ගොඩබිම ඇති  ගිනිකඳු අතර සැලකිය යුතු වෙනසක් නොමැති අතර දිය යට ගිනිකඳු පුපුරා යන විට විශාල වන අතර, යම් අවස්ථාවක දී සාමාන්‍යයෙන් මතුපිට කැඞී යයි,  නවසීලන්තයේ සිට ටොංගා රාජ්‍යට ඇති දුර කිලෝමීටර් 2,300 කි.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment