හුස්මගන්න පුළුවන් අයවැයක් ගේනවා

240

මේ මොහොතේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට හුස්මක් ගැනීමට අවස්ථාවක් සලසමින් ආර්ථිකය පණගන්වා ගැනීමේ ප‍්‍රවේශයකට යොමු විය යුතු බවත් ඒ සඳහා මෙවර (2022) අයවැයෙන් අවධානය යොමු වනු ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය. පී. බී. ජයසුන්දර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

රට විවෘත කළත් ජනතාවගේ ආදායම් එකපාර එන්නේ නෑ, ඒකට කාලයක් යනවා. සමහර අයට තමන් කරන ආර්ථික කටයුත්ත යළි පටන් ගන්න මුදල් අවශ්‍යවෙලා තියෙනවා. ඒ නිසා දැන් මිනිස්සුන්ට හුස්ම ගැනීමට අවස්ථාවක් දෙන්න ඕන. ජනතාවට තවත් බරක් එන්න බෑ යැයි ද ආචාර්ය ජයසුන්දර මහතා අවධාරණය කළේය.

කොරෝනා වසංගතයෙන් පීඩා විඳීමෙන් පසු මෙසේ ජනතාව හුස්ම ගැනීමේ අවස්ථාවේදී ජනතාවට තවත් බරක් එන්න බෑ යැයි ද ඔහු සඳහන් කළේය.

භාණ්ඩ මිල ගණන් වැඩි වීමේ බර සහ නොගෙවා එකතු වී ඇති බිල්පත් ගෙවීමේ බර යන ජාති දෙකක බරකට ජනතාව මුහුණ දී සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ ගෙවීම් කොයි විදිහට ප‍්‍රතිව්‍යුගත කරනවාද යන්න සහ ඒවා ගෙවීමට කොපමණ කාලයක් දෙනවාද යන්න අප සිතිය යුතුව ඇති බවද ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා තවදුරටත් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට කීවේය.

2022 වර්ෂය සඳහා රාජ්‍ය අයවැය ලේඛනය නොවැම්බර් 12 වැනිදා මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment