හුස්ම ගන්න අපහසු රෝගීන්ට  විශේෂඥ වෛද්‍ය කෝසල අංජුලගෙන්  විශේෂ ප‍්‍රතිකාර ක‍්‍රමයක් – ගතවන්නේ විනාඩි 3යි

1056

ලෝකයෙන්ම කරන්නේ  පුත්තලම රෝහලේ විතරයි

දැඩි සත්කාරයේ ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන් හට හුස්ම ගන්න අපහසුතා ඇති අවස්ථාවේ කෘතීම ශ්වසනය ලබා ගැනීම සඳහා පුත්තලම මූලික රෝහලේදී ප‍්‍රථම වරට උගුර ආශ‍්‍රිතව බටයක් යෙදීම දැඩි සත්කාර ඒකකය තුළදීම කරන PERCTANEOUS TRACHEOSTOMY ක‍්‍රමවේදය මගින් ඉකුත්දා රෝගීන් දෙදෙනකුට සිදු කර තිබේ.

හුස්ම ගන්න අපහසු රෝගීන්ට  විශේෂඥ වෛද්‍ය කෝසල අංජුලගෙන්  විශේෂ ප‍්‍රතිකාර ක‍්‍රමයක් - ගතවන්නේ විනාඩි 3යි

‘‘හුස්ම ගන්න බැරි රෝගීන්ට කටෙන් බටයක් දැමීම තමයි සාමාන්‍යයෙන් සිදු කරන්නේ. නමුත් එය දිගටම තියෙනකොට

රෝගියාට අපහසුයි. විෂබීජ යන්න පුළුවන්. සංකූලතා වැඩියි. නමුත් මෙම ක‍්‍රමවේදය යටතේ සංකූලතා අඩුයි’’ පුත්තලම මූලික රෝහලේ මෙම සුවිශේෂී කටයුතු දැඩි කැපවීමෙන් කරන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය වැවගේ කෝසල අංජුල ඩෙප් මහතා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, හුස්ම ගැනීමට අපහසු  රෝගීන්ට සාමාන්‍යයෙන් සිදු කරන්නේ ශල්‍යාගාරයක් තුළට රැුගෙන කුඩා සිදුරක් තුළින් මෙය සිදු කිරීමයි. නමුත් මෙයට ලොකු කාලයක් යනවා. මේ දිනවල කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ මෙය තවත් අපහසුයි. පුත්තලම වැනි අඩු පහසුකම් ඇති රෝහලක එය තවත් ගැටලූවක්. අපේ රටෙත් දැනට වසර 10 කාලයක සිට කරනවා.

පුත්තලම රෝහලට මම ආවෙ අලූතින්. නමුත් මම මීට පෙර සේවය කළ පොළොන්නරුව, බදුල්ල වැනි රෝහල්වල මෙය කළා. රෝගීන් ගැන හිතලා මම මේ ක‍්‍රියාවලිය පුත්තලමේත් පටන් ගත්තා. මේ සඳහා විශේෂ කට්ටලයක් අවශ්‍යයි. එය ප‍්‍රධාන රෝහලකින් ගෙනැල්ලා තමයි මේ වැඬේ පටන් ගත්තේ. අනික මෙහි ඇති විශේෂත්වය තමයි මගේම ක‍්‍රමවේදයක් වන PALPATION TECHNIQUE යටතේ දැඩි සත්කාර ඒකකය තුළදීම ඉතාම සුරක්ෂිතව හා විනාඩි තුනක පමණ කාලයක් තුළදී මෙය සිදු කරනවා. මේ ක‍්‍රමය ලෝකයේම මම විතරයි භාවිතා කරන්නේ. මම සිදු කළ 100 වැනි අවස්ථාව මේක. පුත්තලම රෝහලේ පහසුකම් වැඩි දියුණු කරලා දෙනවා නම් මීට වඩා ලොකු සේවාවක් මේ විශාල ප‍්‍රදේශයේ රෝගී ජනතාවට සිදු කරන්න පුළුවන්.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment