හෘද රෝගීන්ට අත්‍යවශ්‍යම ඖෂධ 2 ක් කළුබෝවිල නෑ

147

මාස දෙකකට වරක් කළුබෝවිල රෝහලේ පවත්වනු ලබන හෘද රෝග සායනයට සහභාගි වන රෝගීන්ට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග දෙකක් මෙවර පිටත ඖෂධහල්වලින් ලබා ගැනීමට සිදුව තිබේ.

මෙලෙස ලබා ගැනීමට සිදුවී ඇත්තේ බිසොප්‍රොලල් සහ නිකොරැන්ඩිල් වර්ගය. මේ සඳහා රුපියල් දෙදහසකට ආසන්න මුදලක් වැය කිරීමට රෝගීන්ට සිදුව ඇත. ආර්ථික අතින් වැටී සිටින මේ මොහොතේ රෝගීන්ට දරාගත නොහැකි මුදලක් යැයි රෝගීන් පවසති.

බෙහෙත් ද්‍රව්‍ය හිඟ නොමැති බවත්, වැඩි මුදලක් ගෙවීමට සිදු නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යතුමා පැවසීම හාස්‍යයට කරුණක් යැයි රෝගීහු පවසති.

හෙන්රි පි‍්‍රයශාන්ත මෙන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment