හෙටත් පැය හතහමාරක් විදුලිය කැපේ

94

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට(03) දිනයේදීද රට පුරා පැය හතයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (02) සවස පැවසීය.

ඒ අනුව හෙට දින පෙරවරු 08 සිට පස්වරු 06දක්වා දිවා කාලයේ පැය 05 ක් සහ පස්වරු 06සිට රාත්‍රී 11 දක්වා රාත්‍රී කාලයේ පැය 02 යි විනාඩි 30 ක් ලෙස විදුලිය කප්පාදුවට ලක් කරන බව ද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment