හෙටත් විසඳුම් නැතොත් සෞඛ්‍ය විරෝධතා දිගටම

182

වෛද්‍යවරුන්, හෙද – හෙදියන්, කනිෂ්ඨ කාර්ය සහායකයන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාවේ නිරත එක් ලක්ෂ විසිදහසක පිරිසට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම, වැටුප් වැඩි කිරීම, රෝහල් තුළ පවතින ඖෂධ හිඟය ඇතුළු ගැටලුවලට විසඳුම් හෙට (20 වැනිදා) වනවිට ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයකට යන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.සෞඛ්‍ය සේවකයන්ට ප්‍රවාහන සේවා සපයා ගැනීම මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙසේ ද කීය.රාජ්‍ය සේවකයන් දැන් සතියට දින 4ක් වැඩ කරනවා. නමුත් සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් නිසා සතියේ දින 7ම වැඩ කරනවා. වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, කනිෂ්ඨ කාර්ය සහායකයන් එක් එක් සේවා මුරවලටයි වැඩට එන්නේ. දැන් පවතින තත්ත්වය හමුවේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබෙනවා.රෝහල්වල රෝගීන්ට අවශ්‍ය ඖෂධ, උපකරණ නැතිකම, ඒ වගේම රෝගීන්ට, රෝහල් කනිෂ්ඨ මණ්ඩලයට ආහාර ලබාදීම, වැටුප් වැඩි කිරීම, ඉන්ධන ලබාදීම, ප්‍රවාහන පහසුකම් ලබාදීම කියන මේ කාරණා ගැන සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරලයි තියෙන්නේ. නමුත් තාම උත්තර නැහැ. මේ නිසා අප හෙට (20 වැනිදා) දිවයින පුරා රෝහල්වල දහවල් 12.00ත් පස්වරු 2.00ත් අතර උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනවා. ඒ කරලත් විසඳුමක් දෙන්නේ නැත්නම් අපි අඛණ්ඩ විරෝධතාවකට යනවා. මේ පහසුකම් ලබාදෙන තුරු අපි විරෝධතාවයේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment