හෙට අලුයම එකම රේඛාවක ග්‍රහලෝක 5ක් එකවර අහසේ

214

පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි සෞරග්‍රහ මණ්ඩලයට අයත් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක පහම හෙට (29දා) එකම රේඛාවක එකවර අහසේ දිස්වේ.

හෙට පෙරවරු 5.00ට මෙම ග්‍රහලෝක පහම එකම රේඛාවක ආකාරයෙන් පිහිටනු ඇත.

සඳ එළියේ බලපෑම අවම වන ජුනි 29 (බදාදා) අලුයම අහසේ 4:40 සිට හිරු උදාව දක්වා මෙම සංසිද්ධිය වඩාත්ම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වේ. නැවත මෙලෙස ග්‍රහලෝක 5ක් රේඛීය පිහිටුමක් දැකිය හැක්කේ 2040 වසරේදීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment