හෙට දුම්රිය වර්ජනයක්?

155

දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර මුද්‍රණය කිරීමේදී සිදුවන වංචා සහ තවත් ඉල්ලීම් කිහිපයකට මෙතෙක් නිසි ප‍්‍රතිචාර නොලැබීම…

මත හෙට (30දා) දුම්රිය වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව ලොකෝමෝටිව් දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා ‘දිවයින’ ට ඊයේ 28 දා පැවැසීය.

මෙම වර්ජනය සඳහා රියැදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති 34ක දුම්රිය සේවකයන් සහයෝගය දක්වන බවද හෙතෙම සඳහන් කළේය.

තම ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබුණහොත් හෙට පමණක් නොව ලබන සතියේ බ‍්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනවල වර්ජනය සිදුකරන බවද ඒ මහතා පැවැසීය.

ඒ අනුව සතියකට දින කිහිපය බැගින් මෙලෙස දුම්රිය වැඩවර්ජනයක් සිදුකරන බවද දොඩංගොඩ මහතා වැඩිදුරටත් පැවැසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment